IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මුදල් අමාත්‍යංශයේ වාහන 176ක් අතුරුදන්

 

   (ජේ.කේ.එල්. චාමින්ද)

 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට  අනුව   මුදල් අමාත්‍යංශය  නමින් ලියාපදිංචිකර ඇති වාහන  257න් වාහන  176 භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 මේ අතුරින් වාහන  99ක් පිළිබද භෞතික පැවැත්ම  ඇතුළු තොරතුරු කිසිවක්  විගණනය වෙත ඉදිරිපත්කර නොතිබුණි.  මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති සියලු වාහන පිළිබද  භෞතික පැවැත්ම හා  අයිතිය තහවුරුකරගැනිමට  කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

 මේ පිළිබද මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ  මෙම වාහන 176 සම්බන්දයෙන්  තොරතුරු සොයාගැනිමට කටයුතු කරමින් පවතින බවය. මුදල් ආර්ථික  ස්ථායිකරණ  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය  මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 



අදහස් (5)

මුදල් අමාත්‍යංශයේ වාහන 176ක් අතුරුදන්

යෝගා Sunday, 23 February 2025 02:11 PM

පුළුවන් නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්ව අත්අඩංගුවට ගන්න. ලොවෙත් බෑ.

:       4       9

Neel Sunday, 23 February 2025 03:51 PM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකියි නේද..?

:       2       7

ranjith Monday, 24 February 2025 06:50 AM

"මේවා විහිළු කතා! රජයේ සේවකයෙකු විශ්‍රාම ගියත් , ස්ථාන මාරු වුණත්, ඔහුගේ ඉන්වෙන්ටරි බාරයේ තියෙන සුළු වටිනාකමක් තියෙන දෙයක් උනත්, හරිහැටි ආපසු බාරදෙන්න ඕනේ. එතකොට කෝ මේවා බාරව හිටපු මිනිස්සු. වහාම අදාල නිලධාරීන් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න.

:       0       0

Kopikade appuwa Monday, 24 February 2025 07:03 AM

මේ වාහන ඔක්කෝම රාජපක්ෂලාගේ ගෙදරට අරන් ගියා මගේ ඇස් දෙකටම දැක්කා. අම්මපා

:       0       2

fairoos Monday, 24 February 2025 11:45 AM

ඒක අමාත්‍යංශයට විතරක් මෙහෙම නම් කියලා වැඩක් නෑ... නිකන් නෙමෙයි අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ නිසි දඬුවම් දුන්නේ නැතිනම් මේක ආපහු සැරයක් වෙන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site