IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුදල් අමාත්‍යාංශය මුදානොගත් කලාපයක් වෙලා

(යොහාන් භාසුර)


මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (6) පැවසීය.


රට තුළ සාමකාමීව විරෝධයක් පළ කරන්න තහනම් වීම නිසා ජනතාව සියලු දේ ඉවසා සිට ඉවසීමේ සීමාව ඉක්මාගොස් පාරට බසින දිනයක් ඇති බවත් එදාට රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරවා කුට්ටමේ කොළයක් ගානට වැටීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.


පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී අද (6) එසේ පැවසීය.


ශ්‍රී ලාංකිකයින්ගේ එම සීමා ඉර දැන් පැන තිබීම නිසා ජනතාව තව දුරටත් පාලකයන්ගේ සැහැසිකම් ඉවසන්නේ නැති බවත් රටේ වඩාත් ක්‍රියාශීලි අමාත්‍යාංශය වියයුතු මුදල් අමාත්‍යංශය බෙලහීන වී ඇති බවත් ඒ මතා කීය.


මුදල් අමාත්‍යංශය බෙලහීන වී ඇතැයි හොඳ උදාහරණ දෙකක් ඇති බව කී ඒ මහතා මහ බැංකුවේ වැටුප් සියයට 70 කින් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට පවසා තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස සහ ජනාධිපතිවරයා ලෙස ඔහු ඒ පිළිබඳව නොදන්නා බව පැවසීය පළමු වැන්න බව ද සඳහන් කළේය.



අදහස් (2)

මුදල් අමාත්‍යාංශය මුදානොගත් කලාපයක් වෙලා

Saththaya Thursday, 07 March 2024 07:38 AM

මුළු රටම හොර ගුහාවක් කරලා, බංකොලොත් වෙනකල් උදව් කරපු අය, දැන් ස්වාධීන වෙලා බබාලා... පව්...!

:       0       0

Kazi Shajahan Thursday, 07 March 2024 09:24 AM

රනිල් ඕවා ඔක්කොම කළින් දන්නවා, ඕවා කරන්නේ රනිල්ගෙන් අහලා තමයි. දැන් කරන්නේ නොදන්නවා සේ ඉන්න එකයි. රනිල් දැන් ගොඩක් පහසුකම් දෙන්නේ... මහ බැංකුව, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට... මොකද ඒ අයට ආණ්ඩුව කරගෙන යන්න ඕනෑනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site