IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මදුරුවෝ මැරුවොත් මුදල් තෑගි

පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන පුද්ගලයන්ට මුදල් තෑගි පිරිනැමීමටය.

ඒ අනුව, මරා හෝ පණපිටින් අල්ලා ගෙනැවිත් දෙන මදුරුවන් පස් දෙනකු වෙනුවෙන් පිලිපීන පේසෝ 1 ක මුදලක් පිරිනැමීම සිදුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාර්ෂිකව ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවන ආසියානු රාජ්‍යයක් ලෙස පිලිපීනය පිළිගැනෙයි.

2023 වසරේදී පිලිපීනය දරුණු ලෙස ඩෙංගු වසංගතයකට මුහුණ දුන්නේය. 2023 වසරේ ඩෙංගු රෝගීන් 167,355 දෙනකු සහ මරණ 575 ක් වාර්තා විය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

මදුරුවෝ මැරුවොත් මුදල් තෑගි

kamal Koyrala Thursday, 20 February 2025 12:18 PM

අපි නම් සියලු කටයුතු කරන්න ඉන්න කෙනෙක්, දෙන්නෙක් මියපරලොව ගියාට පසුවයි, භූ විද්‍යා හාරන්නේ ගම් 3/4 නාය ගියාට පසුවයි. ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වෙන්නේ ගංවතුර හෝ මහ වැස්සකින් සියල්ල යට වුණා නම්, විදුලියත් එහෙම වඳුරෝ පනින්නම ඕන... හරි දේ කරන්න පකීර්ලට ඇස් ඇරෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 413 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 860 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site