
(රෝෂන් තුෂාර)
මෝදර අලුත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බ 10 ය නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට අද (01) නියෝග කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙම බෝම්බ තොගය අත් අඩංගුවට ගත් බවට බී වාර්තාවක් ගොනුකරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
පොලිසියේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බෝම්බ නිස්ක්‍රීය කිරීමට අවසර ලබාදෙමින් රජයේ රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමටද නියෝග කළේය.
විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළේය.
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදරින් හමුවූ බෝම්බ 10යේ රස පරීක්ෂක වාර්තා කැඳවයි