(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානයේදී පසුගිය 15 වන දින අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරු නීතීඥවරයකු මාර්ගයෙන් මැදිරිගිරිය පොලිසිය වෙත භාර වූ බව පොලිසිය කියයි.
අදාල සැකකරු පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව සිදු කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සදහා යොදා ගත් මෙරට නිෂ්පාදිත තුවක්කුව මිරිස්හේන ප්‍රදේශයේ කැලෑවක කොල රොඩුවලින් වසා සඟවා ඇති බවයි. පසුව අදාල ස්ථානය පරික්ෂා කළ නිළධාරීන් තුවක්කුව සොයාගෙන ඇත.
සැකකරු මෙම ඝාතනය සිදු කර ඒයට යොදා ගත් තුවක්කුවද ඒලෙස සඟවා ප්‍රදේශයෙන් පළා ගොස් නැවත් පසුදින සවස නීතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇත.
ඝාතනයෙන් මියගොස් සිටියේ කේ.ඒ් නෙරංජලා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි තිදරු මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් කීපයක් මියගිය කාන්තාවගේ මුහුණ පෙන්නලා වෙඩික්කරු භාරවුනාම මුහුණ වහනවා... එහෙම වෙන්නේ කොහොමද?
එල්ලුම් ගහ... !