IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාදුරුඔය - පදියතලාව ධීවරයන් අතර යුද්දයක්

(වසන්ත චන්ද්‍රපාල)

මාදුරුඔය ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදෙන මාදුරුඔය ධිවරයන් සහ පදියතලාව ධිවරයන් අතර ඇතිවු ගැටුමකින් 14 දෙනකු තුවාල ලබා ඇතැයි මහඔය පොලිසිය කියයි.

තුවාල ලැබු වනජීවි නිළධාරියකු ඇතුලු ධිවරයන් 05 දෙනක් මහඔය රෝහලට ඇතුලත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.

ඉන් එක් අයෙක් තත්වය බරපතල බැවින් ඔහු අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

පදියතලාව ධිවරයන් පිරිසක් මාදුරුඔය වැවේ මාලු අල්ලමින් සිටියදී මාදුරුඔය ධිවරයන් කණ්ඩායමක් පැමිණ ඔවුන් අල්ලා ගැනීම නිසා ඇතිවු සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම ඇතීවී තිබේ.

මාදුරුඔය ධිවරයින් විසින් පදියතලාව ධිවරයින්ගේ වාඩි 08 ක් සහ ඔරු 13 ක් ද මාලු දැල් විශාල ප්‍රමානයක් ද ගිනිබත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.

පහරදීමට පැමිනි මාදුරුඔය ධිවර පිරිස පදියතලාව ධිවරයින් සමග සාකච්ඡාවකට පැමිණෙන බව පවසා බොට්ටු දෙකකකින් සහ ඔරු 38 කින් 200 ක් පමන පිරිසක් පැමින මෙම ප්‍රහාරය එල්ල කල බව පදියතලාව ධිවර සමිතියේ සමිතියේ සභාපති විජේපාල මහතා පැවසීය.

 



අදහස් (0)

මාදුරුඔය - පදියතලාව ධීවරයන් අතර යුද්දයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site