(ඉන්දිකා රාමනායක)
මෝදර රෙඩ්බානාවත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවකු හා සංවිධානාත්මක අපරකරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩිකණ්නාගේ කල්ලියේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පූකුඩිකන්නාගේ නැමැතාගේ මෙහෙයවීම මත ඉකුත් ජුනි මස 06 වැනි දින මෙම සැකකරුවන් ත්‍රිරෝද රථයකින් හා යතුරු පැදියකින් ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති මොවුන් ඒ සදහා භාවිතා කළ ත්‍රිරෝද රථය හා යතුරු පැදිය ද විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd