( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මදුරු මර්දන සහයකයන් ලෙස කැස්බෑව බටුවන්දර නිවසකට වෙස් වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙක් 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්ගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
පැමිණි කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්මුදු, රන් මාල ,රන් වළලු හා ජංගම දුරකථනයක් කොල්ල කා පලාගොස් ඇත.
හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි කොල්ලකෑම සිදු කළ නිවස ඉදිරි පසින් පිහිටා තිබෙන නිවෙස් දෙකක අවට පරිසරයේ ඩෙංගු කීටයන් සිටිනවාදැයි පරීක්ෂාකර අනතුරුව මෙම නිවෙස වෙත පැමිණ තිබූ බව පොලිසිය පොලිසිය සඳහන් කරයි.
එම නිවෙස් දෙකේ දෙතුන් දෙනකු සිටින අයුරු නිරීක්ෂණය කර තිබූ කොල්ල කරුවන් මෙම නිවසට පැමිණ වයෝවෘද්ධ කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර ඇය එය ලබාදීම සඳහා මුළුතැන්ගෙට පිවිසීමේ දී නිවසේ වෙනත් කිසිදු අයෙක් නොමැති බවට තහවුරු කරගත කොල්ලකරුවන් ඇයගේ කට තදකර පැළඳ සිටි රන් මාලය කොල්ල කා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මදුරු මර්දන සහයකයින් ලෙස පැමිණ ගෙට සුද්දයක් දීලා
aravinda Sunday, 04 June 2023 03:02 PM
නිවෙස් වලට පැමිණෙන සෑම නාඳුනන පුද්ගලයෙකුගෙන්ම ඔවුන්ගේ සේවා ස්ථානවලින් නිකුත් කළ හැඳුනුම්පත ඉල්ලා සිටිය යුතුයි...!
[email protected]Sunday, 04 June 2023 05:47 PM
ඒවත් හදාගෙන ආවොත්...!