
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.
සැරයන්වරයාගේ බිරිඳ සමග ඇගේ දරු දෙදෙනා ද නිදාගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කාමරේ ග්‍රිල් ගලවා ගෙට ඇතුළුව ඉතාම සූක්ෂම ආකාරයට ඇයට නොදැනෙන ආකාරයට ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
මෙම රන් මාලය කඩාගෙන යෑම සිදු කරන කාලයේ පොලිස් සැරයන්වරයා රාජකාරිය සඳහා පිටව ගොස් සිට ඇතැයිද පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ඉතින්.. පිනාගෙ කීමට අපිට වතුර ගහල කඳුලු ගෑස් ගහල එක ගිනි විජ්ජුම්බරයක් නැටුවට . . එයාලටත් හෙන අමාරු කාලයක් කියලනෙ මෙ කියන්න හදන්නෙ. . තව ටික දවසක් යද්දි තව රාලහාමිලා හොරා පොලිස් සෙල්ලමට එකතු වෙයි මයෙ හිතෙ. .