(නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් දුම්රිය ධාවනයෙන් අද මධ්‍යම රාත‍්‍රියේ ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි.
දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම, අසාධාරණ ලෙස විනය ක‍්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.
දුම්රිය බලධාරීන් සමග සිදුකළ සමඟ සිදුකළ සාකච්ඡුා අසාර්ථක වූ බැවින් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිරත වීමට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් තීරණය කර බවත් හේරත් මහතා පැවසීය.
මෙම ඉල්ලීම් පදනම් කරගනිමින් අද පස්වරු 2ට පමණ හදිසි වර්ජනයක් ආරම්භ කළත් දුම්රිය මගීන් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට කාර්යාල දුම්රිය ධාවනයට පියවර ගත් බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි, අපට හොඳින් නිදාගන්න පුළුවන්.
මේ රටේ කොන්ද පණ තියෙන රජයක් නැහැ. ඒ වගේම ජනතාවට ආදරය කරන රජයක්ද නැහැ. මේ රියදුරන්ගේ හා නියාමකයින්ගේ ප්‍රශ්න කුමක් වුවත්, ඒවාට විසඳුම මේ දුම්රිය මගීන් අපහසුතාවට පත්කිරීමද? තමන්ට, තම අඹු දරුවන්ට කුසගින්න නිවාගැනීමට හා යහපත් ලෙස ජීවත්වීමට උරදෙන මේ දුම්රිය මගින් අනේකවිධ කරදරයට පත්කොට මේ කරනා කැත වැඩේ මිනිසුන් තියා තිරිසනුන්වත් අනුමත කරන එකක් නැහැ. ඒ වගේම තමන්ව ජීවත්කරවන මගී ජනතාවට මේ වගේ අසික්කිත වැඩ කරන මොවුන් සැබවින්ම මිනිස් වෙස් ගත් තිරිසනුන්... මෙවන් තිරිසනුන් ඉවත්කොට ඉන්දියානු රියැදුරන් හා නියාමකයන් ගෙන්වා වැඩ ගන්නා ගමන් අලුතෙන් රියැදුරන් පුහුණු කළ යුතුයි. සියලුම අත්‍යාවශ්‍ය සේවාවල අයට වර්ජන ආදිය කිරීම තහනම් කළ යුතුයි. එහෙත්, ඒවා කිරීමට කොන්දක් ඇති රජයක් නොමැතිය.