(මනෝප‍්‍රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ජුලි මස 26 වැනිදා ආරම්භ කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (19) නියම කළේය.
හෘද සැත්කමකට ලක්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සති 6ක කාලයක් විවේක ගැනීමට වෛද්‍යවරුන් නියම කර ඇතැයි කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එලෙස නියම කළේය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
2013 සැප්තැම්බර් 03 වැනිදාත් 2015 පෙබරවාරි 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකර වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා නම් කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කැඳවන ලදී.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අධිකරණය අමතමින් අධිකරණයේ අවසර මත තම සේවාදායකයා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා සිංගප්පූරුවට ගිය බවත් පසුගිය මාසයේදී 31 දා ඔහු ශල්‍යකර්මයකට ලක් කළ බවත් ඉන් අනතුරුව පසුගිය 06 වැනිදා ඔහු රෝහලෙන් පිටව ගිය බවත් පැවසීය.
ඒ අවස්ථාවේදී සති 06ක කාලයක් විවේකීව සිටින ලෙස ඔහුට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරු උපදෙස් දී ඇතැයි කී ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඒ සඳහා ඔහුට තවත් කාලයක් විදේශගතව සිටීමට අවසර දෙන ලෙසත් මෙම නඩු විභාගය කල් තබන ලෙසත් ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය අමතමින් විත්තිය වෙනුවෙන් කරනු ලබන ඉල්ලීමට අවසර දීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන මස 26 වැනිදා යළි කැඳවීමට නියම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සිංගප්පූරුවෙන් කෙලින්ම ඇමෙරිකාවටම ගිහිල්ල එහේ විවේක සුවයෙන් ඉන්න.
මේ මනුස්සයගෙන් හරිම වදයක් උනා නඩු කල් දාගන්නවයි අනිත් නඩු දවසට කලින් ආණ්ඩු පෙරලන්න හදනවයි..... ජාතිවාදය අවුස්සනවයි හරිම වදයක් මේක ඉවර වෙනකන් මේ රටේ ගින්දර පත්තු වෙවිම තියේවි .
ඔන්න ඔහේලගේ නායකයෝ. ජූලි 20 විතර වෙද්දි අායෙත් ලෙඩ වෙලා රට යයි...
මේ රටේ බුද්ධිමත් ජනතාවගේ බුද්ධිය නැමැති අධිකරණය හමුවේ තමන් සියළු චෝදනාවන්ට වරදකරු බව මෙතුමා විසින්ම ඉතා පැහැදිලිව ඔප්පු කොට තිබේ. තමන් නිවැරදි කරු නම් නඩුව කල් යවයවා කල්මරන් නැතිව තමන් නිවරදි කරු බව අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුයි...
එක අතකට, රටේ සල්ලි ඔවුන්ගේ වගේ පාවිච්චි කළාම මොකක්ද තියන වරද? එ්ත්, ඉතින් මෙවැනි පුවත් දැක සමහරකගේ මුඛය පමණක් නොව, අධෝ මුඛයත් වැසීයාම හෝ අවහිරවීම රටේ දැවෙන ප්‍රශ්නයක් නොවේද?
අපෝයි මේ නඩු හබ ඉවර කරල ඉක්මනට ජනාධිපතිවරනයට මෙතුමට ඉදිරිපත්වෙන්න ඉඩදෙන්න. මේ වගේ කරපු අයට තමයි අපේ රටෙි අය කැමති.
පල ඇති රුකට ගල් ගහන්නේ කියලා කතාවක් තියනවනේ. ආන්ඩු කරන අය කියලා ආවෙ කොහොමද. හොරු අල්ලනව කියලා. අවසානෙදි බොරු බව ඔප්පුවෙලා ඉවරයි. අවුරුදු 5ක් ඉදලත් තාම කිසිම දෙයක් කරන්න බැරිවීමෙන්ම බොරුව ඔප්පුවෙනවා.
හිරගෙදර තුල නම් අඬගහලා මොහුගේ විරුද්දවාදී රැඳවියන්ව අමු අමුවේ ඝාතනය කල නඩුවත් පෝලිමේ ඔන්න. මේවා නීතිය මගින් එන දඬුවම් නොවෙයි කරන ලද අපරාධ වලට කර්මය විසින් එවන දඬුවම්ය.
මෙතන අදහස් පල කරන අය දැක්කම කලකිරිනවා. දැන් ඔය ගොල්ලන්ට පාස්කු බොම්බේ මතක නැහැ ඒ දුක තියෙන්නේ ඒ පවුල් වල යට විතරයි. දැන් එත් අමතක කරන්න එපා මෙතුමා හිටියනං ඕක වෙන්න දෙන්නේ නැහැ කියල හුග දෙනෙක් ප්‍රසිද්දියේ කිව්වා.