(විනීතා එම් ගමගේ)
රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයෝ 35000 කට අධික පිරිසක් මවුබිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග රටවල සිරවී සිිටින බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශ ආරංචි මාර් ග සදහන් කරයි.
මේ පිරිස අතරින් 18000 කට ආසන්න පිරිසක් රැකියා අහිමි වූ පිරිස් බවත් අනෙක් පිරිස රැකියා කාලය අවසන්ව සිටින පිරිස් බවත් කාර් යංශ ආරංචි මාර් ග සඳහන් කරයි.
ඩුබායි, අබුඩාබි, සවුදි, ජෝර් දානය , කටාර්, ලෙබනනය, ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල්වල මෙම පිරිස සිරවී සිටිති.
මෙම පිිරිස නැවත මවුබිමට ගෙන්වීමේ වැඩපිළිවෙලක් කාර් යංශ හා විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව සකස් කර ඇති බවත් කොවිඩ් මර්දන බළකාය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවැසීය.
නිරෝධායන මධ්‍යස්ථාන පුරප්පාඩු වන අන්දම මත මෙම ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල රදා පවතින බව කී රන්දෙනිය මහතා එතෙක් එම පිරිස් නඩත්තු කිරිීම හා රැකබලා ගැනීම කාර් යංශ සිදුකරන බවද සදහන් කළේය.
මේ අතර ගිවිසුම්ගත රැකියා කාලය අවසන්ව ආපසු ඒමට නොහැකිව සිටින පිරිස් වෙනුවෙන් එ් ඒ රටවල්වල රැකියා නියෝජිතයින් සමග එක්ව රැකියා සොයා දීමේ වැඩපිළිවෙලක් ද කාර් යාංශ ක්‍රියාත්මක කරමින් සිටින බවත් මේ වනවිටත් යම් පිරිසකට එසේ රැකියා සොයා දී වීසා ලබාදී ඇති බවත් ඔහු සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව මොවුන්ව ගෙන්වන්නේ නැත්තේ මොවුන් එහේ හිඟාකලා හරි විදේශ විනිමය ලංකාවට එවන බව දන්න නිසා.
මේ ලෝකයේ ශ්‍රී ලංකාවට පමණක් තම රටට ඇතුළුවීමට අවසර නැත, නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකන් සඳහා වීසා බලපත්‍ර ලබා නොදීම හොඳය. නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියක් නොමැති නම්.
මෙච්චර ජනගහනයක් ඉන්න ඉන්දියාවෙවත් මෙහෙම කරන්නේ නැහැ. කොහොම හරි ඒ මිනිස්සු ගෙන්න ගන්න බලන්නේ ඉන්දියන් රජයෙන්. ඒකට ලංකාවේ අය.. මේ රටේ මිනිස්සු වලපල්ලට ගියත් කමක් නැහැ ... ඒ අයගේ වැඩ වෙනවා නම්. බුදුන් වැඩිය දේශයක් කියලා කියන්නත් බැහැ... මේ කරන අසික්කිත වැඩ දැක්කාම...
මෙම වෛරසය හේතුවෙන් විදේශ රටවල රැකියා අහිමිවී (විශේෂයෙන් මැදපෙරදිග) අපාදුක්විදින මිනිසුන්ව ගෙන්වා ගැනුමට මෙතරම් ප්‍රමාදවීම කිසිවිට අප නම් අගය නොකරන්නෙමු. "තමන්ගේ පුරවැසියන්ට තමන් උපන් රටට ඇතුළුවීමට නොදී ගුවන්තොටුපොළ වසා දැමු ලෝකයේ එකම එක රට ශ්‍රී ලංකාව වීම මොනතරම් අවාසනාවක්ද කනගාටුවක්ද"... එම මෝඩ තීරණය ගත් උගතුන්, අරතුන්, මෙතුන් නමැති මෝඩ, බුරු තකතිරුවන් දැන් බෙහෙතකටවත් සොයා ගැනුමට නොහැක.. විදේශවල දුක්විදිමින් තම රටට ඩොලර් එවමින් මුළු ලංකාවේම කුසගින්න නිවනවිට ඒ මිනිසුන් රටවිරුවන් ලෙස මුරුංග ගසේ උඩටම නැග්ගුව අපට අමතක නැත. එනමුත් ඒ රටවිරුවන්ම රෝග වාහකයන් ලෙස හදුන්වමින් රැකියා අහිමිවී අපාදුක් විදින ඒ රටවිරුවන් යයි කිවූ ඒ මිනිසුන්ට රටට අතුලුවිම නැවැත්වූ ඒ කොන්දොස්තර සමිතිය හත්පොලේ නොව දැන් දාහතර පොලේම ගාගෙනය. "අප රටටත් වඩා පහත් ආර්ථිකයක් තිබෙන නේපාලයද"තමන්ගේ පුරවැසියන් රටට ගෙන්වාගැනීම මේ මොහොතේත් කරන බවත් ලාංකික අප කනගාටුවෙන් සදහන් කරන්නෙමු (නේපාලයේ වෛද්‍ය අංශවල සිටින්නේ දොස්තරලා නොව පෙදරෙරුවන්ය. අප රටේ පමණයි උගත් දොස්තරලා සිටින්නේ )...මෙම අදහස් අප රටේ සොක්කන්ට, ලොක්කන්ට මෙන්ම කොන්දොස්තර සමිතියටද කියවීමට හැකිවේවා...
මාස හයක පමණ කාලයක් සෞදි අරාබියේ රැකියාව නොමැතිව ලංකාවට යාමට නොහැකිව අසරණ වී සිටින මා රෝගී තත්ත්වයෙන් පසුවන අතර ඖෂධ ලබා ගැනීම සඳහා හෝ ආහාර ලබා ගැනීම සඳහා දැන් කිසිදු මුදලක් නොමැත. රැකියාවෙන් ඉවත් කරන අවස්ථාවේදී එම අවසාන වැටුප සහ ගුවන් ගමන් ටිකට් පත සඳහා වන රියාල් 750 ක මුදල ද ආයතනය විසින් ලබා දෙන ලදී. මෙම කාල සීමාවේ මෙහි රැඳීමේ සිටීමේදී එම සියළු මුදල්ද වියදම් වී හමාරයි. රැකියාවෙන් ඉවත් කළ අවස්ථාවේදී ලංකාවට යාමට සිදුවුණා නම් මා අත යම්කිසි මුදලක් ඉතිරි වී තිබිණි. එයින් මා මාගේ ණය මුදල් හෝ ගෙවා ගැනීමට එය භාවිතා කළ හැකිව තිබුණි. දැන් මා හට කිරීමට කිසිම දෙයක් නොමැත. තවදුරටත් මෙහි රැඳී සිටීමෙන් සිදුවන්නේ මගේ දරු පවුල තවදුරටත් අසරණ වීමයි. එමනිසා මා ඉතා බැරෑරුම් තීරණයක් ගත්තා ඒ ඉදිරි සතිය තුල මා හටයාමට නොහැකි වුවහොත් සෞදි අරාබිය තුළදීම මාගේ ජීවිතය නැතිකර ගැනීමට මා දන්නවා එසේ කිරීමෙන් මගේ දරු පවුල තවත් අසරණ වන බව නමුත් මින් ඉදිරියට කළ හැකි කිසිවක් නොමැත. මෙම මැදපෙරදිග අසරණ වී සිටින දහස් ගණනක් ශ්‍රමිකයින්ට හෝ එයින් සාධාරණයක් සිදුවණු ඇති...
බංග්ලාදේශය, ඉන්දියාව, පිලිපීනය සහ අනිකුත් සියලු රටවල් තම ශ්‍රමිකයන් ගෙන්වාගන්නවා හැමදාම.... ඔවුන්ට නිවසේ නිරෝධායනය වීමට උපදෙස් ලබාදී නිරීක්ෂණය කරනවා. ඒකට ලංකාව ඒක පුද්ගලික වෙළෙන්දෙකුට සල්ලි උල්පතක් කරගත්තා. ලක්ෂ 4 සිට 12දක්වා වියදම් කරන්න වුණා ලංකාවට එන්න. කොරෝනාවලින් ගැලවුණු රටක් ලෝකයේ නැහැ. නමුත් එහමයි කියලා තමන්ගේ විදෙස් විනිමය උපයලා එවපු මිනිස්සු ඔහේ මැරෙන්න අරින එක සාපයක්...
මට ඡන්දෙට විතරයි නුඹලාව ඕනෙ කරන්නේ.. ඒ වෙනකන් මේ පැත්තට නෑ ගෙන්නා ගන්නේ.. පුන්නක්කුයි තණකොළ ඇති පදමට දෙනවා.. ඊළඟ ඡන්දෙට කලියෙන් ගෙන්න ගන්නවා..
රටක මිනිසුන්ට ගොඩ බැසීමට ඉඩ නොදෙන්නේ අප රටේ පමනි. මේ රටේ මිනිසුන්ගේ කුහකකම් හා ආත්මාර්ථකාමි ගති නැවත මතුවී ඇත. රජය කැමති වුවත් කුහකයන් හා ආත්මාර්තකාමින් එයට විරුද්ද වේ. සින්හලයන් ගැන කතා කල උදවිය සද්ද නැත. මේ රගපෑම් වලට නොරැවටීමට හොද පාඩමකි.