IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැදපෙරදිග රක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අරාබි රටවල විදේශ  ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමේදී තනි පාර්ශවයකින් ලංසු කැඳවා ඩොලර් 100ක  වටිනාකමකට ලබාදීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් කර ඇතැයි විගණකාධිපතිවරයා තොරතුරු අනාවරණය කර ඇතැයි  කෝප් කමිටුව පවසයි.

එහෙත් රක්ෂණ සංස්ථාව සතුව ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවද කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රක්ෂණ  සංස්ථාවේ නිලධාරීන් එකට කැඳවා  කරුණු විමසීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්ය සාධනය පිළිබඳ විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 8 වැනිදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ ඒ රැස්වීමේදීය.

මේ අතර විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ  මාලදිවයින  සහ සීෂෙල්ස්  ශාඛා දෙක   විධිමත් ආකාරයට වසා දැමීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සංස්ථාවේ මූල්‍ය  නිලධාරියා පැවසූවේ එම ශාඛා දෙක දැනට ක්‍රියාත්මක නොවන හෙයින් ඒ වෙනුවෙන් මුදලක් වැය නොවන බවයි.

ඒ ශාඛා තිබූ මුදල් ලංකා බැංකු ශාඛාවල තැන්පත් කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රක්ෂණ සංස්ථාවට අයත්  ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස  කමිටුව  රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට
උපදෙස් දුන්නේය.

කෝටි 79 කට  වැඩි වටිනා මෙම දේපළ නැවත බාර දුන් නමුත්  කොවිඩ්  වසංගතය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය එය  යළි ලබා ගෙන ඇතැයිද  මෙහිදී තොරතුරු අනාවරණයවිය.

එම  ඉඩම භාවිතා කළ කාලය සඳහා හිඟ කුලිය කොටස් වශයෙන් ගෙවීමටත් මෙම වසරේ  සිට නව ගිවිසුමකට එළඹීමටත් ජනාධිපති කාර්යාලය එකඟවූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර සංස්ථාවේ කාර්ය මණ්ඩලය පිළිබඳවද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අවධානය යොමුවිය.

මෙහි දී රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරියා නිළධාරියා පැවසුවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 2535 දෙනකු සහ  කොන්ත්‍රාත් පදනම යටතේ  දෙසිය තිස් දෙදෙනෙකු සේවය කරන බවයි.

සංස්ථාවේ මානව සම්පත සම්බන්ධයෙන් විගණනයක් පවත්වා  වාර්තාවක් මාස හයකදී ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව සංස්ථාවේ සභාපතිවරයාට මෙහිදී  දැනුම් දුන්නේය.



 

 



අදහස් (1)

මැදපෙරදිග රක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්

vernon Monday, 13 March 2023 09:06 AM

රජයේ ආයතනයක් තවත් රජයේ ආයතනයකින් දෙයක් මිලට ගත්තාම පාඩු වෙනවා කියනවා නම් ඒ පාඩුව අනෙක් රජයේ ආයතනයේ ලාභයක් වෙනවා නම් ඒක අන්තිමේදි රජයේම ගිණුම් දෙකක් අතර හුවමාරුවක් වෙනවා නම් මෙතන ඇත්තටම පාඩුවක් වෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site