
(තරංග ගුණරත්න සහ ගයාන් සූරියආරච්චි)
වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
අද අලුයම 2.10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ව්‍යාපාරික කාන්තාව සහ දරුවන් පමණක් නිවසේ රැදි සිට ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් , නිවසේ තාප්පය අසල සිට නිවස දෙසට වෙඩි තබා ඇති බව ද වෙඩි ප්‍රහාර පහක් එල්ල කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය, වැලිගම පොලිසිය, කොටවිල පොලිසිය, සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ පරීක්ෂණ මෙහෙයවති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයට මෙච්චර ක්‍රියාකාරී වෙච්ච යුගයක් මෑත ඉතිහාසයේ නෑ, ආණ්ඩුව ඇයි මේ ගැන සක්‍රිය නොවෙන්නෙ.