(ගයාන් සූරිය ආරච්චි)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනක යටතේ රඳවාගෙන විමර්ශන සිදුකරන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මිදිගම රුවන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරියක අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය වැලිගම ප්‍ර දේශයේ පදිංචිකාරිනියක වන 33 හැවිරිදි කාන්තාවක වන අතර ඇය මිදිගම රුවන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරියක බව පොලිසිය පවසයි.

මෙතෙක් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් 7 දෙනා සහ සැකකාරිය අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරයට වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.