IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝදි දිවුරයි

(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත  උණුසුම් සුබපැතුම් පළ කළහ.

දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද පස්වරුවේ ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයෝද විශේෂ ආරාධිතයෝ ද ඊට සහභාගී වූහ.

ආරාධිත අමුත්තන් 9000 ට ආසන්න පිරිසක් වෙනුවෙන් රාශ්ට්‍රපති භවන් ඉදිපස භූමියේ අසුන් පනවා තිබුණි.

ආගමික නායකයන් නළු නිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඇමති මණ්ඩලය ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුන් වන වරටත් අග්‍රාමාත්‍ය මාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ ද මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ එක්ව සිටියහ.

 

 



අදහස් (1)

මෝදි දිවුරයි

මුදිත් Monday, 10 June 2024 08:15 AM

වාව්! අපේ ජනාදිපතිතුමා! වෙසක්එකට ගහපු තොරණක් වගේ! මාරයි අනේ! අනුර සජිත් කැලේ !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site