IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මෝදි- අනුර කෝච්චියට සිග්නල් දෙති

(අංජුල මහික වීරරත්න)

මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය  නිල වශයෙන් විවෘත කිරීම

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතින් අද (06) සිදු කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර  දුම්රිය මාර්ගය සහ  සංඥා පද්ධතිය විවෘත කිරීම සහ  දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 91.27කි.

එමෙන්ම ඇ.ඩො.මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව - අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි විය. 

විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් , වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහත්වරු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (13)

මෝදි- අනුර කෝච්චියට සිග්නල් දෙති

මලිත් Sunday, 06 April 2025 01:54 PM

පසුගිය රජයන් සමග කරපු සියල්ල මෙයා කරා වගේ විවුර්ත කරන්නේ. කයිය විතරයි..

:       54       33

Toni Sunday, 06 April 2025 03:09 PM

කයියනායක මොනවද ට්‍රිලියන ගණන් නැතිකරගෙන කළේ...?

:       18       18

prasanna Sunday, 06 April 2025 03:21 PM

මෙයාට ලැජ්ජා නැහැ... මෙහෙම දේවල් වලට මේ අය කිව්වේ 70 අවුරුදු සාපෙ කියලා...! 

:       22       20

Nandalal de Silva - France Sunday, 06 April 2025 03:34 PM

AKD කොළ පාට කොඩිය වනන හැටි දැක්කාම මාර සතුටක්...! අනුර ජනාධිපතිවරයා කොළ කොඩිය වැනුවේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාලයේ ආරම්භ කරපු ව්‍යාප්තිය නිල වශයෙන් ජනතා අයිතියට පැවැරීම වෙනුවෙන් නේද කියා අනුරට හිතුණා ද දන්නේ නෑ...!!! පව්... අනේ... පව් !

:       23       22

Bandara Sunday, 06 April 2025 03:50 PM

කයියනායක තමයි නියම නම්. කෝ මෙතන උම්බෑ කියන අය? කෞෂි, භද්‍රානි සෙනෙවිරත්න, ෆයිරූස් නැද්ද?

:       13       16

චන්දිම Sunday, 06 April 2025 05:06 PM

මෝදි දීපු සිග්නල් එක නිසා කෝච්චිය යයි. ඒත් අනුර විතරක් දුන්නා නම් පීලි පනිනවා. මෝදිට ඉන්දීය ජනතාව දුන්නු සිග්නල් එකෙන් රට ඉදිරියට යනවා. ඒත් අනුරට, මාලිමාවට මිනිස්සු දීපු සිග්නල් එක නිසා රට අයාලේ යනවා. කිසිම දෙයක් කරගන්න බෑ. නොකරනවා කිව්ව හැමදේම කරනවා. IMF ගිවිසුම පතුරු ඇරලා ඡන්දේ අරගෙන අද මාලිමාව උදේ හවස IMF එකට මල් පුදනවා...!

:       17       12

Nandalal de Silva - France Sunday, 06 April 2025 09:50 PM

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවයට, නියම මහත්මයෙක් හැටියට, අනුර ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක් කර ගත්තා නම් එය අනුර ගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ තිබුණා ...

:       0       4

Chathuri Monday, 07 April 2025 02:14 AM

අම්මෝ. මේ අදහස් ලියලා තියෙන කට්ටියගේ පපුව පැහැවන හැටි ලැජ්ජා නැත්ද වරදක් නැති කෙනෙකුට නිකරුනේ දොස් කියන්න තමන්ගේ යාලුවන්ට හරියන කොටත්. මේ වගේ අය තමයි කකුලෙන් ඇදලා වෙට්ටු දාන්න බලන්නෙ. කජු පිනාට තවමත් කඩේ යනවා. මේ වගෙ උන්ට කදුලූ ගෑස් ගහන එක සාදාරනයි.

:       8       2

Neel Monday, 07 April 2025 03:41 AM

මේ වේලාවේ සමහර අයට තේරුම්ගන්න හරිම අපහසුයී. මොකද පේන්නේම වැරදියට ....

:       4       1

saman Monday, 07 April 2025 09:04 AM

මෝදි සිග්නල් දුන්නා අනුර බෙල්ල තිබ්බා

:       0       4

Kamal Monday, 07 April 2025 04:29 PM

මෝඩ චතුරි, කවුද අවුරුදු 50ක් කකුලෙන්ම ඇද්දේ කියලා මොළේ කලඳක් වගේ තියෙන වැඩිහිටියෙකුගෙන් අහලා දැනගන්න.

:       0       0

Kusum Monday, 07 April 2025 04:31 PM

චතුරි ඉඳගෙන ඉන්නේ මොලේ උඩ

:       0       0

පුරවැසියන් Monday, 07 April 2025 05:23 PM

කජු සීයා කරේ ණයට... හැබැයි ඒක අනුර නිසා සම්පූර්ණයෙන් ආධාරයක් බවට පත් වුණු බව සීයාට ක්‍රෙඩිට් දෙන්න දඟලන අය දන්නෑ වගේ. අනුර නැත්තම් තවත් අපිට ගෙවන්න වෙන ණයක් නිකං ලැබුණේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site