
( ඩී.ජී.සුගතපාල)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(27) නියෝග කලේය.
ව්‍යාජ ලේඛන සකසා නිති විරෝධි ලෙස කොටස් ගෙන්වා මෙරටදි එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම මහතාට චෝදනා ඒල්ල වී තිබිණි.
දැනට ඇප මත මුදාහැර සිටින පළමුවන සැකකාර රියදුරු පොලිස් කොස්තාපල්වරයාට රථ වාහන වැරදි සම්බන්ධයෙන් අදාල අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කරන ලෙසටත් මෙම වාහනය සම්බන්ධයෙන් එහි අයිතිකරුවන් සොයා ප්‍රකාශ ලබාගෙන එම සියලු දෙනා නඩුවේ සැකකරුවන් ලෙස ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තවත් කිහිප දෙනෙකුගේ නමුත් එලියට එයි
ඒත් බැලුව මොකද පරක්කු කියල
මෙයාගේ ඇඟේ හැටියට ඇප මුදල කුඩා වෙයි
අනේ තඩියා ගෙදර යනවා
අපේ තඩියා නිදහස්