
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැබීය.
එම සංසදයේ සභාපතිවරයා ලෙස පත්වූයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු අනුශාසකවරුන් ලෙසද විශේෂඥ වෛද්‍ය සූදාර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන උපසභාපතිවරුන් ලෙසද වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා කැඳවුම්කරු ලෙසද වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා නියෝජ්‍ය කැඳවුම්කරු ලෙසද මෙහිදී තේරී පත් වූහ.
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳ බිඳවැටී තිබුණු විශ්වාසය කෙටි කලකින් යළි තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගත් උත්සාහය මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.
ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර් ජාතික පාර්ලිමේන්තුව වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංගමයේද සාමාජිකත්වය දරයි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබයෙන් දොස්තර හවුලක්
Chandana Thursday, 25 April 2024 03:14 PM
ඉතින් හොඳයි.. පාර්ලිමෙන්තුවට යම් හෝ ගෞරවයක් එකතු වීමක්.. සීතා අරඹෙපොල වෛද්‍ය තුමිය නැද්ද?
ජිනසිරිThursday, 25 April 2024 07:04 PM
නම් කියැවී තියෙන ඔක්කෝමලා සංගමේ නිලධාරි නිසා ඇය පමණක් සාමාජික වෙන්න ඇති...
ravin Thursday, 25 April 2024 03:51 PM
අසව් !, අසව්...!!! තවත් රට විහිළුවක්... කොහොමත් ඕක රටට විහිළු සපයන තැනක්නේ... නොයෙකුත් සන්සද, කොමිටි තියෙනවා. අන්තිමේදී බලද්දී, රටතිබුණාට වැඩිය පස්සට ගිහිල්ලා... හොරු ටික තවතවත් පොහොසත් වෙලා...!
Amara Thursday, 25 April 2024 04:32 PM
ලංකාවේ විතරයි ලාංඡනේ ගහගෙන යන දොස්තරල ඉන්නේ. වෙන රටකට ගියාම අගේට ඉන්නවා. දැන් පාර්ලිමේන්තු යන කොටත් දොසතර මන්ත්‍රී කියල තඩි බඩ මැද්දෙ රෝහල් සලකුණ දාල වෙනම ලාංඡනයක් දැම්ම නම් හරි.
Indhika Thursday, 25 April 2024 07:39 PM
මෙයාලාට බෙහෙත් දෙන එක ඇරෙන්න අනිත් ඔක්කෝම පුළුවන්...
Perera Friday, 26 April 2024 09:51 AM
මෙලෝ සුදුසුකමක් නැති මැති ඇමැතිවරුන්ගේ සංසදයේ සභාපති ලෙස මම චොකා මල්ලිගේ නම යෝජනා කරනවා.