(සුජිත් හේවාජුලිගේ )
වාර අවසාන කිරීම සමග අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු ඉදිරියේදී වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු කමිටු කිහිපයකම ප්‍රධානීහු නව ජනාධිපතිවරයා පත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ස්ථාවරයක් ගෙන කටයුතු කර තිබුණාහ.
පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග කෝප් ,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.
අහෝසිවූ කාරක සභා නැවත කඩිනමින් පත්කරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මේ අනුව එහි පළමු පියවර ලෙස තේරීම් කාරක සභාව ( Committee of Selection) ලබන 9 වැනිදා පත් කර ගැනීමටද එහිදී තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා පත් කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවල මුල් පුටු වල කටයුතු කළ බොහෝ දෙනෙකු පසුගිය කාලයේදී සිය වගකීම නිසියාකාරව කළ බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු සදහා පාර්ලිමේන්තු මන්රිවරුන් නොවන පාර්ලිමේන්තුවට පිටතින් රජය සේවයේ ( අධිකරණයේ, පොලිසියේ, රාජ්‍ය සේවයේ ) සිටි දුෂිත නොවූ අවංක නිලධාරීන් පත්කළ නොහැකිද ? එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පවා ප්‍රශ්න කිරීමේ හැකියාවක් පවතී. වර්තමනයේ පවතින ක්‍රියාවලියෙන් කිසිදු ප්‍රතිපලයක් හෝ විනිවිද බවක් හෝ අවංකවම මෙම කමිටු ක්‍රියා කරන්නේද කියා ජනතවට සැකයක් තිබේ. එම නිසා cope සහ copa කමිටුවල විනිවිද බවක් ඇතිකිරීමට සහ ජනතවට විස්වාසයක් ඇතිවන විසදුමක් ක්‍රියාත්මක කලයුතුවේ.