(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ මාළු හොද්දේ මාළු කෑලි කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි වාර්තා වේ.
ආහාර විස වීමට හේතුව සොයා ගැනීම සඳහා එම මාළු කෑලි රජයේ රස පරීක්ෂක වරයාට මෙසේ යැවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සමග මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුර වීමෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඉකුත් 22 වැනිදා ඇතුළත් කරනු ලැබූහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.ඒ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් මහතා කළ පැමිණිල්ලක් අනුවය.
සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි භෝජනාගාර අංශයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
348
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබයේ මාලු හොද්ද රස පරීක්ෂකට යවයි
Perera Sunday, 25 September 2022 12:06 AM
මැති සබේ එව්වොන්ව මනෝ පරීක්ෂණකට යවන්න.
Sahara perera Sunday, 25 September 2022 12:12 AM
දෙවියන්ට පෙනිලා හාස්කමකින් හෝ... මොවුන්ට මෙහෙම තමයි වෙන්න ඕනෑ...! ඒත් 222ට එහෙම වෙන්න ඕනෑ.
උංගියා Sunday, 25 September 2022 02:14 AM
ත්‍රිපෝෂවල විෂකාරකයක් අඩංගු බවට පැමිණිලි කළ කෙනාට විරුද්ධව විනය පරීක්ෂණයක්. අනේ මෙහෙමත් රටක ජීවත් වෙන්න සිද්ධ වුණානේ...!
SISIRA Sunday, 25 September 2022 03:54 AM
කල් ඉකුත්වූ මාලු විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය පරීක්ෂක වරුන් සොයාගෙන ඇත. වැරදි කිදිපයක් ඇත. කල් ඉකුත්වූ මාලු විකිණීම, සහ එම මාලු සිතකර තැබීමට පය 24රේම විදුලිය යෙදවීම පිලිබදව සොයාබැලිය යුතුවේ. සෞඛ්‍ය පරීක්ෂක වරුන් මාලු කලිකුත්වන තුරු පරික්ෂා නොකළේ මන්ද ? යම් මුදලක් ලැබුනේද ? එම කල් ඉකුත් වූ මාළු පාර්ලිමේන්තුවේ බෝජනගරයට සපයා තිබේද?
fairoos Sunday, 25 September 2022 01:02 PM
ඔතන ඉන්න අයට නම් සොබාදහමින් හරි පඩිසන් ලැබෙනවා.