(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට පාසල් සිසුන් යොමු කරන්නේ නම් තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473 / 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පාසල් බලධාරීන්ට දැනුම් දෙති.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් මෙන්ම විදේශීය සංචාරකයින්ටද මෙම පහසුකම ලබාගත හැකි බව වේත්‍රධාරිවරයා දන්වා සිටී.
රැස්වීම් නොමැති අවස්ථාවලදී ජනතාවට සහ පාසල් සිසුන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ෆැක්ස් යන්ත්‍රයද දැක බලා ගැනිමට ඉඩ දෙන්න..!