IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිසබයේ බත්පතේ මිලත් ඉහළට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන  බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ  රුපියල් දෙසීයක්  ලෙසය. නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300 දක්වා ඉහළ යනු ඇත.

පාර්ලිමේන්තු මාධ්‍යවේදියකුගේ ආහාර වේලක් සඳහා මෙතෙක් වැය කෙරුණු  මුදල රුපියල් සීයක්  වන අතර එය 150ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාර්ලිමේන්තු ගෘහ  කාරක සභාව පසුගියදා රැස්වී ගත් තීරණයක් අනුව එම මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇත.

පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ බත් පතේ මිල ගෘහ කාරක සභාව ගත් තීරණයක් අනුව මෙයට පෙර වැඩි කෙරිණ.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන්  මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සඳහා සැපයෙන ආහාර රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සීමා කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවෙ ආහාර සහ  විවිධ පාන වර්ග සඳහා වසරකට රුපියල් කෝටි 15 කට ආසන්න මුදලක් වැයවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසේ.

පාර්ලිමේන්තුවේ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ අනුවකි.



අදහස් (7)

මැතිසබයේ බත්පතේ මිලත් ඉහළට

amila Sunday, 25 September 2022 12:49 PM

ඇයි මේ ගොල්ලන්ට බත් එකක් ගෙදරින් අරන් ඇවිල්ලා කන්න බැරි..? එන ගමන් කඩේකින් වතුර එකකුත් ගන්න කියන්න. එතැනම ලක්ෂ කීයක් ඉතුරුයිද රටට..?

:       1       15

jagath Sunday, 25 September 2022 01:43 PM

දැන් තේරෙනවා අර ගෝනි නූල් දාලා තියෙන්න ඇත්තේ ගාන වැඩිකරගන්න කියලා බව...

:       1       9

Hafeel Sunday, 25 September 2022 03:23 PM

ඒ පමණක්ද? ආහාර වර්ගයට සාපේක්ෂව ගෝනි නූලත් මිල ඉහළ ගිහින්.

:       1       6

Nandalal DE SILVA - France Sunday, 25 September 2022 10:57 PM

පාර්ලිමන්ට් එකේ කැන්ටින් එක මුලුමනින්ම වසාදමා එකෙ 225 ට ගිල්ලවන සුඛොපබොගී කෑම වට්ටොරුව ඉවත් කල දාට, රටට ඉතුරුවන අති විාල දනස්කන්දයෙන්, රටෙ දුගී දුප්පත් පවුල් ලක්ශයකගෙ කුසගිනි නිවා දැමිමට පුලුවද කිා මෙදාම එකම මන්ත්‍රි කෙනෙක්වත් "මීක්' නැත ! " මගේ බඩගොස්තතරය පිරිනොත් එ ඇති....දුප්පතා හාමතේ මරුනට මට මොකො " යන ආකල්පය මෙ ගොබ්බ 225 න් කේ හො ඉවත් කල යුතුය.... ...

:       0       2

මෝ Monday, 26 September 2022 07:55 AM

ඕකෙන් නොකා කැන්ටින් වහලා ගෙදරින් හරි, කඩේකින් හරි කන්න බැරිද? අහිංසක මිනිස්සුන්ගෙන් යැපෙන කාලකන්නි. ඕවා හින්දා නුඹලාගේ දරු මුනුබුරු පරම්පරා වලටත් සහ ගහනවා.

:       0       3

udaya Monday, 26 September 2022 10:49 AM

මේ වගේ ඉන්නේ අඩු අදායම් ලාභීන්ද? ඇයි මෙයලාටත් රටේ අනෙකුත් ආපනශාලාවල මිලට ආහාර දෙන්න බැරි..? එතකොටවත් මොවුන්ට මිලගණන් ගැන තේරෙයිද බලන්න...

:       0       2

Mahi Wednesday, 28 September 2022 08:55 AM

මම හිතුවේ නිකන් දෙන්නේ කියලා.. වැරදිලා වෙන්න ඇති වැඩි කරලා තියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site