IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැතිසබයේ ජල-විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේත් විදුලිය සහ ජලය පාවිච්චිය හරි අඩකින් අඩුකරන ලෙස රජය  එහි ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල  රුපියල් කෝටි  8ක් පමණ වේ. මේ නියෝග අනුව පාර්ලිමේන්තුවේ ජලය සහ විදුලිය පාවිච්චි කිරීම සීමා කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි එහි ඉංජිනේරු අංශය පවසයි.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ  සහ අමුත්තන්ගේ ගැලරියේ  විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට  ප්‍රධාන  ජල පොකුණේ  ජලය කඩා වැටෙන( ජල රැලි නැංවීම)  ආකාරයට ක්‍රියාත්මක කෙරුණු යාන්ත්‍රණය  විදුලිය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස තාවකාලිකව  අත්හිටවූ බවද එහි ඉංජිනේරු අංශය සඳහන් කරයි.

ප්‍රධාන  ජල පොකුණේ මෙවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරුණේ  පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ආකර්ෂණීයත්වයක් එක් කිරීම සඳහාය.

ජල මෝටර් කීපයක් යොදා ගෙන එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සඳහා කිලෝ වොට් 75ක පමණ  විදුලිය ප්‍රමාණයක් වැයවූ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර පාර්ලිමේන්තුවේ  සියළුම  සී.එෆ්,එල් විදුලි බල්බ ඉවත්කර විදුලිය අඩුවෙන් වැය වන එල්.ඊ.ඩී බල්බ සවි කළ බව පවසන ඉංජිනේරුවරු විදුලිය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගත් බවද ප්‍රකාශ කළහ.

කමිටු ශාලාවල සහ ප්‍රවේශ ශාලාවේ විදුලි පහන්ද හරි අඩකින් අඩු කර ඇත.

වායු සමීකරණය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද අඩු කර ඇති අතර විදුලි සෝපාන කිහිපයක්ද  තාවකාලිකව නතර කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මුළුතැන්ගෙයි  ජලය පාවිච්චි කිරීමද සීමා කරනු ලැබ ඇත.

විදුලිය පාවිච්චි කිරිම අඩු කිරීම සඳහා වෙනම උපකරණ පද්ධතියක් සවි කිරීමටද  කටයුතු කෙරෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ .



අදහස් (1)

මැතිසබයේ ජල-විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග

Perera Saturday, 19 March 2022 12:42 PM

කටින් බතල කොළ හිටවනවා කියන්නේ මේවට..!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site