(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත් කෙරුණු දෙවෙනි කමිටුවටද පැමිණිලිකාර වින්දිත නිලධාරිනිය විරෝධය මතු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විරෝධතා මතු කෙරැණද එම කමිටුවේ කටයුතු දිගටම කරගෙන යෑමට තීරණය කර අැත.
එසේ තීරණය කර තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන්ගෙන් සහ සේවිකාවන්ගෙන් සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීම අද (5) ආරම්භ කළේය.
එම විමර්ශනවලින් අනතුරැව සිද්ධිය පිළිබඳව කතානායකවරයාට වාර්තාවක් බාරදීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
වින්දිත නිලධාරිනිය මෙම කමිටුවේ සාමාජිකයන් සහ චෝදනාවට ලක්වූ නිලධාරින් අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින බව සඳහන් කරමින් විරෝධතා මතුකර පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් පසුගියදා බාරදී තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පළමු කමිටුවටද වින්දිත නිලධාරිනිය විරෝධය පළ කිරීමෙන් එම කමිටුවේ කටයුතු මීට පෙර අතරමග නතර විය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු කාන්තා සංසදයේ මන්ත්‍රීනියෝ සහ පාර්ලිමේන්තු සේවකයෝ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරති.
මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේද පසුගිය දිනවල දැඩි ලෙස සාකච්ඡා කෙරිණ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මැතිසබා හිංසන සිද්ධිය: දෙවෙනි කමිටුවටත් පොල්ලක්
maalaka Thursday, 06 March 2025 06:01 AM
මේ නිලධාරිනිය කාගේ බළල් අතක්ද?