
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට දෙවැනි කමිටුව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අද (27) පත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට පත් කෙරුණු පළමු කමිටුව වින්දිත නිලධාරිනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන කටයුතු අතරමග නතරවිය.
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මෙම නව කමිටුව පත්කරනු ලැබ ඇත්තේ ඒ අනුවය.
මෙම නව කමිටුවේ සභාපතිත්වය උසුලන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක දිනේෂ් විතාන මහතාය.
චින්තා බුලසිංහල සහ පී.ජී.පී ප්‍රියංකර එහි සෙසු සාමාජිකයෝ වෙති.
තමාට පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රධානීන්ගෙන් විවිධ අඩන්තේට්ටම් සිදුවුණු බවට නිලධාරිනිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට පෞද්ගලිකවම කළ පැමිණිලි අනුව මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබා හිංසන සිද්ධිය: දෙවැනි කමිටුව එයි
ජිල්බු Thursday, 27 February 2025 05:29 PM
නිකං බබා පාට් දාලා සල්ලි නාස්ති නොකර බාහිර ස්වාධීන කමිටුවක් දාන්න. ඔය වැයකරන්නේ මහජන මුදල්. පලක් ඇති විදිහට ඒවා පාවිච්චි කරන්න.