(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාම ගිය නිලධාරියකුට හෝ වෙනත් කුමන නිලධාරියකුට වැටුප් දෙක තුන ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විශ්‍රාම ගිය උසස් නිලධාරියකු පාර්ලිමේන්තුවේ විශේෂිත කමිටුවක ඉහළ නිලයකට පත්ව වැටුප් දෙකක් සහ වෙනත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
" කවුරුත් කලබල වෙන්නෙපා.එහෙම කටයුතු වෙන්න ඉඩ තියන්නේ නැහැ" යැයිද සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.
ඔය වගේ කටයුත්තක් වෙනකොට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කමිටුවෙන් තමයි අනුමැතිය ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ උපදේශක කමිටුවේ මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සමාජිකත්වය දරන්නේ මම. මීට පෙරත් ප්‍රශ්නයක් තිබුණා. පාර්ලිමේන්තුවේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරගැනීමේ ඉල්ලීමක් පිළිබඳව. හැබැයි අපි කිසිසේත්ම ඒ සඳහා ඉඩක් දුන්නේ නැහැ.
පාර්ලිමේන්තුව විශේෂ ආයතනයක්. හැබැයි මුල්‍යමය වශයෙන් රටේ සමස්ත නීති හැමකෙනාටම වැදගත් නිසා ඒ අවස්ථාවේ ඒ ඉඩ අපි දුන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් යමක් කියන්න කැමතියි. මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ යටතේ අපි මේ වගේ වෙලාවක එක් පුද්ගලයකුට, එක් තැනැත්තකුට හෝ එක් නිලධාරියකුට වැටුප් දෙකක්, තනතුර දෙකක වරප්‍රසාද ලබාගන්න දායක වෙන්නේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙම වැටුප් ලබනවා කියලා මාධ්‍ය කියනවා. මෙයා කියනවා එහෙම වෙන්න කිසිසේත්ම ඉඩදෙන්නේ නෑලු... එක්කෝ මෙයාලාට පිස්සු... නැත්නම් කියවන අපිට පිස්සු...
මේ කාලකණ්ණි බලන්නේ රෙගුලාසිවල තිබෙන කඩතොළු වලින් රින්ගා යටිමඩි ගහන්න... මේවා කරන්න හැකි වෙන්නේ තව සුළු කාලයයි කියලා හොඳාකාරවම දන්නවා. ඒ තිබෙන කාලයේදී හැකි පමණින් කොල්ල කාපල්ලා.
කබ්‍රාල්ට විශ්‍රාම වැටුප් කීයක් ලැබෙනවද කියලා කියන්නකෝ...!
බොරු එපා. දැන් ඔය හැමෝටම ගෙවන්න තියෙන ආදයම් බදු උසාවිවල වැඩ කරන අය ගෙවන්නේ නෑනේ. කියයි නඩුවක් විභාග වෙන හින්දා කියලා. හැබැයි මාස 6ක් තිස්සේ ගෙවන එක නවත්තල නම් දැන් එකපාර පරණ ගෙවිය යුතු ඒවා එකපාර ගෙවන්න වුණත් ගෙවන්න බෑනේ...
මොලේ කළඳක් නැති ආත්මාර්තකාමී මිනිස්සුන්ට සැපදීලා ඔටුණු පළන්ඳන පාර්ලිමේන්තුව විශේෂ ආයතනයක් තමයි...
බොහෝම අසාධාරණ විදිහට ඔබ සැම දෙනාම භුක්තිවිඳින විශේෂ වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප් අහෝසි කරලා දාන්න යෝජනාවක් ඉදිරිපත් කරන්නකෝ... ඔබතුමා හොඳ සාධාරණ, අවංක මිනිසෙකු නම්...