IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිසබා සේවිකාවන්ට සාරිය අන්දයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම  සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී  දැනුම් දෙනු ලැබ ඇත.

එම අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ලවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන්
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ  සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා  පත්කරනු ලැබීය. ගෘහ පාලන අංශ ප්‍රධානීන්  එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත්  සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ  ඉන් අනතුරුව බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ නමුත් විවිධ අනුග්‍රහ ලබන සමහර සේවිකාවන් පමණක්  සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බව  එම  ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර  ගෘහ පාලකවරයා   වැඩ තහනම් කරනු ලැබ සිටී. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින හෙයින් ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  මෙයට පෙර ප්‍රකාශ කළහ.



අදහස් (13)

මැතිසබා සේවිකාවන්ට සාරිය අන්දයි

ajith Sunday, 20 August 2023 08:30 PM

සුදුසුම සහ ගැලපෙන්නේත් සාරිය..

:       34       15

පැරකුම්Sunday, 20 August 2023 09:04 PM

නීති පැනෙව්වාට ඒවාට අනුගත නොවීමට තරම් බලවත් අය එතැන ඉන්න බව පෙනෙනවා නේද? එතැන එහෙම නම් රටේ වෙනතැන් ගැන මොනවා කියන්නද?

:       1       30

anilSunday, 20 August 2023 09:56 PM

තවදුරත් ගැටලු මතුවන්නේනම් ගෘහ පාලන අංශයට පිරිමි සේවයට යෙදවිය හැකිය

:       2       6

tin tinMonday, 21 August 2023 02:42 PM

සාරිය අන්දලා බලන්න., තවත් ඔය හිංසන වැඩිවෙන්නේ නැද්ද කියලා.

:       0       6

Prabha Sunday, 20 August 2023 09:05 PM

සාරියද දැන් ප්‍රශ්නය වෙලා තිබිලා තියෙන්නේ?

:       8       38

චන්දනMonday, 21 August 2023 07:48 AM

බොහෝ ස්ත්‍රීන් ලිංගික හිංසන වලට ලක්වෙන්නේ අඳින ඇඳුම නිසා. තම අවයව ප්‍රදර්ශනය වන විදියට ඇන්දම ඔ්ක වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. බුර්කාව සාරිය ඔසරිය වගේ ඇඳුම් නිසා හිංසන ප්‍රමාණය අඩුයි. 100% ක් නොවුනත් තම ඇඳුම ලිංගික හිංසන කෙරෙහි බලපාන බව තේරුම්ගත යුතුයි. ඒ්ක මනෝ විද්‍යාත්මක සත්‍යයක්.

:       14       8

Tushara Sunday, 20 August 2023 09:12 PM

සාරිය ඇන්දම ඔය ප්‍රශ්නෙ විසඳෙනවා නම් ඊටත් වැඩිය බුර්කාව ඇන්දවීම වඩාත් ගැලපෙයි. මේ වගේ ඔලමොට්ටල තීරණ ගන්න අය එක්ක කොහොමද රටක් හදන්නේ...?

:       12       71

Kamal Sunday, 20 August 2023 10:06 PM

පොලිස් දෙපාර්තුමේන්තුව, ක්‍රිකට් බෝඩ් එක විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවත් නොසන්ඩාලයන්ගේ බඩු පොට් එකක් වුනා එහෙනම්

:       0       8

Lalla Monday, 21 August 2023 06:59 AM

රාජ්‍ය සේවය සහ රාජ්‍ය බැංකුවල අය සාරිය ඇදීම අනිවාර්යයෙන්ම කල යුතුය කියල නියෝගයක් තියනව නේද?

:       6       0

ලකී Monday, 21 August 2023 07:02 AM

විකෘති මානසිකත්වයක් ඇති මිනිස්සුන්ට සාරියක් නෙවේ බුර්කාවක් ඇඳගෙන හිටියත් ඇති. ප්‍රශ්ණය තියෙන්නේ ඇඳුමේ නෙවේ, හිතේ!!!

:       0       12

සොරිසේන Monday, 21 August 2023 07:26 AM

බූර්කාව අන්දන්න.... එතකොට ඔය ප්‍රශ්නේ නිට්ටාවටම විසඳෙනවා. අනේ මෙහෙමත් ඔලමොට්ටල අංශ ප්‍රධානීන්! ඔය තනතුර දීපන් ළමයෙකුට, ඒකා ඔයිට හොඳින් කරයි රාජකාරිය

:       1       9

de silva Monday, 21 August 2023 07:56 AM

සාරි ඇඳගෙන කොහොමද අතපය දිගඇරලා වැඩකරන්නේ? ප්‍රශ්නය සාරියෙන් වහන්නද හදන්නේ? චූදිතයාට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මොකද? ඔය කියන ලිංගික අතවර සාමාන්‍ය සමාජයේ ඇතිවුණා නම් ඔහුව මෙලහකටත් රිමාන්ඩ් කරලා. දැන් තිබෙන තත්වය අනුව ඔහුට කිසිම කරදරයක් නොමැතිව රටින් පිටවෙලා යන්න පුළුවන්.

:       1       8

Bunny Preena Monday, 21 August 2023 09:38 AM

විවිධ අනුග්‍රහ ලබන සාරි අඳින නියෝගය කඩකළ සේවිකාවන්ට සමහර විට මෙම අසික්කිත ක්‍රියාවන්ට සහයෝගය සහ අනුබලය දෙනවා ඇති...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site