
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනා රාණී මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස හැන්සාඩ් සංස්කාරක සී.එන්.එල්.ද සිල්වා සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක යන මහත්මීහු කටයුතු කරති.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට ඉහත සඳහන් කමිටු සාමාජිකයන් පෞද්ගලිකව හමුවී හෝ ඊමේල් මාර්ගයෙන් හෝ දුරකතන මාර්ගයෙන් හෝ ඒ පිළිබඳව කරුණු දැක්විය හැකි බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.
එම කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් හෝ සහකාර මහ ලේකම්වරයාටද ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ හැකි බව එහි දැක්වෙයි.
සිද්ධිය පිළිබඳව තොරතුරු ලබා දෙන්නන් ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය හා සුරක්ෂිතභාවය සුරැකීමට කටයුතු යොදා ඇති බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ravin Friday, 04 August 2023 06:42 PM
ස්තුතියි... යාන්තන් අති උත්තරයි කියාගන්නා සල්ලාලයින් පත් නොකළාට...
Bamunuarachchi Friday, 04 August 2023 07:35 PM
කමිටුවේත් සල්ලාලයින් හිටියොත් තමයි හොරාගේ අම්මාගෙන් පේන ඇසුවා වෙන්නේ... දැනටමත් සල්ලාලයින් වින්දිතයින්ට තර්ජන කරලාද දන්නේ නැහැ.... සාක්ෂි දෙන්න එපා කියලා...!
විපරමා Friday, 04 August 2023 07:56 PM
පාර්ලිමේන්තුව ඇතුළෙම සල්ලාල එවුන් විතරක් නෙවෙයි, ඊට වැඩිය දේවල් කරන අයත් ඉන්නවා...
Perera Sunday, 06 August 2023 02:00 AM
කමිටු වාර්තාවෙන් අන්තිමට කියවන්නේ මොකක්ද කියලා ලංකාවේ ඉන්න ඕනෙම කුඩා දරුවෙකුට වුණත් හිතාගන්න පුළුවන්...!