(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (28) ලිපියකින් දැනුම් දුන්නාය.
පාර්ලිමේන්තු මහලේකම්වරිය මෙම දැනුම්දීම කර ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.
මේ අනුව පාර්ලිමේන්තුව එදින පෙරවරු 9.30 ට රැස්වන අතර විවාදය අවසානයේදී යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව පාර්ලිමේන්තුව අනිද්දා ( 01) සෙනසුරාදා පෙරවරු 09.30ට රැස්වන බව සඳහන් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා(27) නිකුත් කළේය.
මෙම රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය සියලුම මැති ඇමැතිවරුන්ට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd