IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිසබේ බත්පතේ ගෝනි නූල ගැන පරීක්ෂණයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාධ්‍යවේදීන්ට සැපයූ දිවා ආහාර වේලේ හාල්මැස්සන්  බැඳුමක  තිබී අඩියක් පමණ දිගැති ගෝනි නූල් කැබැල්ලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භවී ඇත.

මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

සිද්ධිය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ දැඩි අවධානයට යොමුවී ඇතැයිද  වාර්තා වේ. මෙවැනි සිද්ධීන් මින් ඉදිරියට ඇති වීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නැයි  ඔහු අදාළ අංශයේ නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.

මාධ්‍යවේදීන්ට  ආහාර සපයන පාර්ලිමේන්තු භෝජනාගාරයෙන්  ඊයේ  දිවා ආහාරය ලබා ගත් මාධ්‍යවේදියකුගේ කෑම පිඟානේ හාල්මැස්සන් බැදුමක තිබී මෙම ගෝනි නූල් නූල සොයාගෙන තිබිණ. ඒ මාධ්‍යවේදියා එම ගෝනි නූල සෙසු මාධ්‍යවේදීන්ට පෙන්වා ඒ අවස්ථාවේදීම භෝජනාගාර අංශයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුවේ ආහාර වල  නොයෙකුත් අපවිත්‍ර දේ  තිබී  මෙයට පෙරද  සොයාගෙන තිබිණ.



අදහස් (2)

මැතිසබේ බත්පතේ ගෝනි නූල ගැන පරීක්ෂණයක්

Rata Perata Sunday, 25 September 2022 12:25 PM

ගොඩක් අපවිත්‍ර දේවල් මිශ්‍ර වෙනවා. ඒත් මේ කාලයේ මිශ්‍ර වෙන්න ඕනම වස වගේ දෙයක් එකතු වෙන්නෙම නෑනෙ රටේ කරුමෙට...

:       0       4

Nandalal DE SILVA - France Sunday, 25 September 2022 11:07 PM

සිර ගෙවල්වල රැදවියන්ට බෙදා දෙන"කෑමවල" මීට වඩා දහ ජරාව තිබුන කියන්නෙ !!! මතක් වෙන කොටත් වමනෙ යනව. ඉතින් ඔය හාල්මැස්සො ගොනියෙ තිබුන නුල් අඩිය ගැන කවර කතාද ??? හිර ගෙදරටත් මාද්‍යවෙදීන් යා, එකෙ ක ෑම ගැනත් විපරම් කරමුද ???

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 349 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site