IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැතිසබා කමිටු හැටක් අහෝසියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කමිටු කිහිපයක් හැරෙන්නට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා හැටකට ආසන්න සංඛ්‍යාවක් මැතිසබය වාර අවසාන කිරීමත් සමග මුළුමනින්ම අහෝසිවී ගියේය.

මේ කමිටු පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු මුල් සතියේම පිහිටුවීමට කටයුතු සුදානම් කර ඇතැයි එහි නියෝජ්‍ය මහලේකම්  සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී  රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් අහෝසිවී නොයන කමිටුවන්නේ විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ  ආංශික අධීක්ෂණ කාරක සභාය.

අහෝසිවී ගිය කාරක සභා නැවත පිහිටුවීමේදී අවශ්‍යනම් එහි කලින් සිටි සාමාජිකයන්ම නැවත පත් කළ හැකි වන අතර අලුත් සාමාජිකයන් පත් කිරීමටද  හැකියාව පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි.

මේ අතර  වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන මස 3 වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර  ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු වියදමින් සහ ඉතාම චාම් අන්දමින් එම උත්සවය පවත්වන  බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (0)

මැතිසබා කමිටු හැටක් අහෝසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site