(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා පහක් සඳහා සාමාජික මන්ත්‍රීවරු නම් කරනු ලැබ සිටිති.
සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබ ඇති සෙසුකාරක සභාව වන්නේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ප්‍රවාහන සහ මහා මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සංචාරක සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවයි.
කතානායකවරයා සභාපතිවරයා වන නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද මහින්ද අමරවීර ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, කාංචන විජේසේකර චමල් රාජපක්ෂ මහාචාර්ය ජීඑල් පීරිස් අනුර දිසානායක ගයන්ත කරුණාතිලක ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගාමිණි ලොකුගේ රවුෆ් හකීම් වජිර අබේවර්ධන ව ඒ එල්.එම් අතාවුල්ලා සී.බි රත්නායක නීතිඥ නාමල් රාජපක්ෂ නීතිඥ සාගර කාරියවසම් ඉරාන් වික්‍රමරත්න ජීජී පොන්නම්බලම් එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුද නම් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තු කාරක සභා හැටකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී ගියේය. මේ අනුව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ඒවා නැවත පිහිට විය යුතු වෙයි. මෙම කාරක සභා පහට සාමාජික මන්ත්‍රීවරුන් පත් කෙරුණේද ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස දෙක තුනක් යනකොට වාර අවසාන කරන්න මහජන සල්ලි වියදම් කරලා කමිටු පිහිටුවන්න ඕනෑද? ඔන්න ඕවා නැතුවම යමු....!