
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (25) එහි තවත් සේවකයකුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසෙයි.
පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් මෙසේ වැඩ තහනම් කරනු ලැබූවේ එම දෙපාර්තමේන්තුවේ ගෘහපාලන සහයකයකුගේය.
මෙම සේවකයා ලිංගික හිංසා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට සහායදී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම පියවර ගෙන ඇත.
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයා මීට පෙර වැඩ තහනම් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ නියමයෙන් නිලධාරිනියන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන අතර එහි වාර්තාව තව නොබෝ දිනකින් මහ ලේකම්වරියට බාරදීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ කතුන්ට හදි කළැයි තවත් සල්ලාලයකුගේ වැඩ තහනම්
pakeer Friday, 25 August 2023 09:04 PM
ජනතා බදුමුදලින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය සේවකයින් බදු ගසා මාට්ටු වැඩත් තහනම්...!!
Bunny Preena Saturday, 26 August 2023 10:14 AM
දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණු දෙයක් නම් එය මීට පෙර හිටපු මහලේකම් කාලයේත් සිදුවී තිබෙන දෙයක් ලෙසයි මට සිතෙන්නේ. මෙම කරුණ සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව සිටියිද? නැතිද? පීඩාවට පත් කාන්තාවන්ට හිටපු මහලේකම් ගැන විශ්වාසයක් නොතිබුණු නිසා පැමිණිලි නොකලාවත්ද? උභතෝකෝටික ප්‍රශ්නයක්...
Perakum Saturday, 26 August 2023 11:18 AM
මෙතන කිසිම උභතෝකෝටික ප්‍රශ්නයක් ඇතැයි සිතිය නොහැක. ඇත්තේ ගැහැණුන් තම කය විකුණා නොයෙකුත් අයුතු වරප්‍රසාද ලබා ගැනීමයි. දෙපාර්ශවයටම එකසේ දඬුවම් කළ යුතුයි. නැතහොත් කිසිවෙකුටත් දඬුවම් නොකළ යුතුයි.