(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
මේ අනුව තේ පැන් සංග්‍රහය කෑම අංග ( Items) කිහිපයකට සීමා කර සූදානම් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනපති ධජය සහ අතිගරු යන නාමය භාවිතා නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් එසේ කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
උත්සවයේදී ජාතික ධජය පමණක් එසවීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීමට නියමිතය.
උත්සවයට යුද හමුදා ආචාර වෙඩිමුර 21ක් ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
උත්සව කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය විසි නව වැනිදා සිකුරාදා මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. උත්සවයට අදාළව තීරණ ගණනාවක් එහිදී ගත් බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැතිසබා උත්සවයට මෙවර අඩු වියදම් තේ පාටියක්
Bamunuarachchi Monday, 01 August 2022 03:49 PM
තේ පාටියත් වියදම් වැඩි. නරකද කහට කෝප්පයක් දුන්නොත්.