
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන අතරමග නැවතී ඇතැයි වාර්තාවේ.
මෙම කමිටුව පසුගිය 14 වැනිදා සිකුරාදා රැස්වුණු අවස්ථාවේදීද වින්දිත නිලධාරිනිය එහි පෞද්ගලිකවම පෙනී සිටිමින් ඊට විරෝධය දක්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම කමිටුවට විරෝධය පළ කරමින් ඇය පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියටද ලිඛිතව
පැමිණිල්ලක් කර ඇත.
නිලධාරිනිය දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි පැවසෙන්නේ එම කමිටුවේ සභාපතිනී හැන්සාඩ් සංස්කාරක නයනි ලොකු කොඩිකාරද සිල්වා මහත්මියටය. කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන් සමග පවත්වනු ලබන කියන බව දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා විමර්ශනයේදී තමාට දැඩි අවාසියක් සිදුවිය හැකි බව පවසමින් ඇය කමිටුවට මෙසේ විරෝධය දක්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් මූලික විමර්ශනයක් පවත්වා ඇති හෙයින් සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස වින්දිත නිලධාරිනිය එහිදී දැඩිව ඉල්ලා ඇතැයිද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් මූලික පරීක්ෂණයක් පවත්වා ඇති හෙයින් සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කිරීම සුදුසු බව තමාගේද අදහස බවයි.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් නොපමාව පවත්වන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි
චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පවසන්නේද මේ සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය බවයි.
2025 නොවැම්බර් මස 04
834
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2477
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබේ අනංග සිද්ධිය: විමර්ශන කමිටුව ලත් තැනම ලොප්
kamal Koyrala Monday, 17 February 2025 11:29 AM
ප්‍රශ්න වියවුල් කිරීමෙන් වැළකී සෑම දෙයම CID ට භාර දෙන්න . CID යට පැමිනිල්ලක කරන්න
ජිල්බුMonday, 17 February 2025 01:18 PM
ප්‍රශ්න ගොඩක් තියෙන නිසා බාගයක් ඉන්දියාවෙ CID එකටත් දෙන්න වෙනවා.
සනෙත් Monday, 17 February 2025 11:59 AM
මොකක්ද මහත්තයෝ මිත්‍රශීලි පවුල් සබදතා කියන්නේ?
ජිල්බු Monday, 17 February 2025 01:01 PM
ඔබතුමා වගේ ඉන්ටර්නෙට් තියෙන කැලේක තනියම ජීවත්වෙන කෙනෙකුට ඒක තේරුම්ගන්න ටිකක් අමාරුයි වගේ.
ravin Monday, 17 February 2025 01:08 PM
කොහොමත් ඔතන යම් යම් නිලදරුවන්ගේ පත්වීම් පිළිබඳව කසු කුසු ඇහුනා නේද .තවද යම් යම් දේශපාලන සම්බන්ධතා එහෙමත් .හොරාගේ අමාගෙන් පේන නොඅහා නීතියෙන් බලයලත් අය ලවාම විමර්ශනය කලොත් හොඳ නැද්ද