(සිතුම් චතුරංග)
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පාසල්වල නොපවත්වන ලෙස පියාට දැණුම්දෙන්නැයි තර්ජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ පුත්‍රයකුට පහරදී ඇතැයි සිලාවතුර පොලිසිය කියයි.
පහරදුන් බව කියන බාලවයස්කාර පාසල් සිසුන් ඇතුළු සැකකරුවන් හයදෙනකු මන්නාරම , සිලාවතුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව ද සිලාවතුර පොලිසිය පවසයි.
පහරකෑ සිසුවා මේ වන විට මන්නාරම රෝහලට ඇතුලත් කොට ඇති බවද පොලිසිය පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයට පැමිණි පිරිස ඔහුගේ පුත්‍රයා නිවසින් පිටතට රැගෙන ගොස් පියා විසින් පවත්වන මත්ද්‍රව්‍ය නිවාරණ දේශන නවතා දමන ලෙසත් පාසල් තුල පැවැත්වෙන එවැනි දේශනවලට නැවත සහභාගී නොවන ලෙසට ඔහුට පවසන ලෙසත් ප්‍රකාශ කරමින් සැකකරුවන් මෙම පහරදීම සිදුකොට ඇති බවට පහරකෑ පුත්‍රයා ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවකු වේ.
පහරදීමෙන් තුවාල ලැබූ සිසුවාගේ තත්වය බරපතල නොවන බවත් මන්නාරම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලිසිය පැවසූයේ මෙම පහරදීම මත්ද්‍රව්‍ය දේශන පැවැත්වීම හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළුවක්ද නැතිනම් වෙනත් පුද්ගලික කාරණාවක්ද යන්න සොයාබැලීම සඳහා විමර්ශන පැවැත්වෙන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මත්වලට එරෙහි වූ පී.එච්.අයිගේ පුතාට පහරදීලා