(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එය අයවැය යෝජනා වල ඉදිරිපත් නොකළ ද අයවැය ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වැනිදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.
'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ මුදල් නාස්තියක්.
පසුගිය අයවැයෙන් වෙන්කල මුදලත් නොදුන් එකේ වෙන් නොකල මුදලක් ගැන කවර කතාද මහත්තයෝ චීනෙක් තවමත් කොණ්ඩය බැන්දා කියලා අපිනම් අහල නැහැ