(සුජිත් හේවාජුලිගේ)
ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවේ.
විදුලි බිලට ජල බිලට යම් සහනයක් ලබාදීම සහ බදු අඩු කිරීම ලබාදීමට නියමිත සහන අතර වන බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයාද දැනටමත් ඒ සම්බන්ධයෙන් ඉඟි පළ කර ඇත.
මේ අතර මහ මැතිවරණය ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වීමට රජය බලාපොරොත්තුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊටපස්සේ මරතිවරණයෙන් පස්සේ ඕවා වමාරන්න වෙයි, මතකයිනේ පිනට දීපු පන්දාහ...
ණය ගෙවන්න බැරි ආණ්ඩුව... ආයේ ඡන්දෙට පෙර ජනතාව රවට්ටන්නයි මේ හදන්නේ.
අපි බලාගෙන ඉන්නවා.
නියමයි, අපි හොඳට ඡන්දෙ දෙන්න ලෑස්ති වෙන්නම්කෝ...!
වම් අතින් සහනේ, දකුණු අතින් ඡන්ද කොළ... ඒ දවස් ඉවරයි හලෝ...
බඩු මලු දිලා රැවටුණු කාලයක් තිබුණා. දැන් මිනිස්සුන්ට ඕනේ බඩුමලු නෙමෙයි. 70 වසරක් කාපු මේ රට වෙනස් කරන්න ඕනේ වෙන්නේ....
දැන්වත් මොලේ පාවිච්චි කරන්න... මොවුන් ජනතාව රවට්ටලා ආයෙත් බලේට එන්නයි... ඡන්දෙ කාලෙට ඉස්සෙල්ලා බඩුමිල අඩුකරලා සහන දෙනවා කියන්නේ ... ඒ ඡන්ද ගුණ්ඩුවට ආයිත් අහුවෙන්න එපා... ලොක්කාගේ පටන් පොඩ්ඩා දක්වාම බලයේ ඉන්න තමයි මේ උප්පරවැට්ටිය...
සුපිරියි, ජනාධිපතිතුමනි...!
ණය ගෙවන්න බැරි ආණ්ඩුව... ආයේ ඡන්දෙට පෙර ජනතාව රවට්ටන්නයි මේ හදන්නේ...!