(අංජුල මහික වීරරත්න)

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වහා සම්මත කර ගන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ වියදම් පනත බොහෝ සේ ඉවහල් වන බව පවසන මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි පනතක් සම්මත කර ගැනීමට හැකි වන්නේ නම් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ද ධනයට හෝ බලපෑම් වලට යටත් නොවී මැතිවරණ පැවැත්වීම සඳහා අවස්ථාව සැලසෙන බව ද සඳහන් කරයි.