(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
මෙම පනත් කෙටුම්පත ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිය විරෝධය පළ කළහ. පනත් කෙටුම්පත විවාදයට ගන්නේ නම් ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට පනත බල නොපාන බවට වගන්තියක් ඊට ඇතුළත් කරන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි නමුත් ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් එකඟත්වයක් ලැබුණේ නැත.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි
Truth Thursday, 19 January 2023 06:24 PM
ලෝකයේ බොහෝ රටවල මැතිවරණය සඳහා යම්කිසි මුදලක් රජයෙන් ලබාදෙනවා... නැතහොත් වියදම් කළ හැකි ප්‍රමාණය දන්වනවා. එයට අමතරව සත පහක් හෝ වියදම් කළොත් තනතුර අහෝසිකර නීතිය ක්‍රියාත්මක කරනවා... යාළුවෙක් හෝ පරිත්‍යාග හැටියට ලබාගත්තත් එය අල්ලස් සහ දුන්නු හැටියට සලකනවා. ලංකාවේ එහෙම වෙනවා නම් ඡන්දය ඉල්ලන්න අපේක්ෂකයෝත් නැතිවෙනවා...
NimalThursday, 19 January 2023 08:50 PM
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂය අකමැතිව තිබෙනුයේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර කරගෙන යාමට මුදල් ලැබෙන්නා වූ ආකාරය පිලිබදව සජිත් සහ අනුර සහ වෙනත් කණ්ඩායම් අකමැති නිසාවෙනි. දිනපතා උත්ඝෝෂණ , දේශපාලන රැලි , සහ බස් රථ ප්‍රදානය කිරීමට මුදල් ලැබීම පිළිබද බලයට පැමිණීමට පෙර විගණනය කිරීමට ඔවුන්ගේ දේශපාලන පක්ෂ අකමැතිනම් ඔවුන් බලයට පත්වූ පසු ඔවුන් මුදල් වියදම් කරන්නාවූ ආකාරය පිලිබදව ජනතාවට පිළිතුරු නොමැති ගැටළු කිහිපයක් සහ විනිවිද බවක් නොමැති බව පැහැදිලිවේ .
SamanFriday, 20 January 2023 01:14 PM
ජවිපෙ මේ පනතට කැමති නැත්තේ ඉබ්‍රහිම් නානා වගේ අයගෙන් මුදල් ගත්තොත් අහු වෙන නිසා. එයාල විගණන විගණන කිව්වට එයාලගේ පක්ෂ අරමුදල විගණනය කරලා විගණනය කල මුල්‍ය වාර්තා රටට කවදාවත් ප්‍රසිද්ධ කරලා නැහැ. කිසිම විනිවිද බවක් නැති පක්ෂයක්. අනිත් පක්ෂ වගේම තමා.
Demuni Uduwara Friday, 20 January 2023 05:20 AM
අවාසනාවකට, පාලනය කරන්නේ ජනතාව විසින් නෙරපා හරින ලද ජනාධිපතිවරයා විසිනි! !
ජගත් ලියනගේ Friday, 20 January 2023 05:42 AM
ඕක සම්මත කරගත්තේ කඩිමුඩියේ, පළාත් පාලන ඡන්දය කල් දාන්න නෙවෙයි කියා සිතනවා.
Helaya Friday, 20 January 2023 10:12 AM
1977 පෙර පලාත් පාලන මැතිවරනය පැවැත්වු ක්‍රමය අදටත් ගැලපෙන බව කිවයුතුයි. එකල චන්දය පැවැත් වූ ගමෙි චන්දය දී ඉවරවුනාට පසු එම ස්ථානයේම චන්දය ගනන් කිරීම අරභනවා . සාමාන්‍යයෙන් පැය 2 ක් පමන කාලය ගතවෙනවා , එවලේම දිනපු පක්ෂය ප්‍රකාශ කරනවා . අනවශ්‍ය වියදමි, කාලය ඉතුරු වෙනවා . මානාපත් එවලේම ගනන් කල හැකිය. දැනටත් මෙම ක්‍රමය තායිලන්තයේ ක්‍රියාත්මක වෙනවා