(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය නියමිත කාල සීමාව වේ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මහ මැතිවරණ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇතැයි ද මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන බව රටේ හැමෝම දන්නවා. ඒවගේම, මැතිවරණ සඳහා අවශ්‍යවන මූල්‍ය ප්‍රතිපාදන අයවැය මඟින් ලබාදෙන බවත් රටේ හැමෝම දන්නවා. හැබැයි සල්ලි ටික ඇත්තටම දෙනවද-නැද්ද කියල තමයි දන්නෙ නැත්තෙ? අර පළාත් පාලන මැතිවරණයට වුණා වගේ ?? කෝටි කීයක් ජනතාවගෙ බදුමුදල්, පවත්වපු නැති පළාත් පාලන මැතිවරණයට නාස්ති වුණාද ???
ජනාධිපති මාධ්‍ය අංශය පච මෝලක් !