(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ අතර මෙය ඡන්දය කල් දැමීමට කරන උප්පරවැට්ටියක් බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව තමා මෙම වාර්තාව ඉදිරිපත් කරන බවත් මේ පිළිබඳ විවාදය හෙට දිනයේ පැවැත්වෙන බවත් අගමැතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd