IMG-LOGO

මැතිවරණ කල් දාන පාලකයන්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයි

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දැමිය හැකි බව පැවසූ සභාපතිවරයා සියල්ල තීරණය කෙරෙන්නේ අධිකරණයේ මතය අනුව බවද ප්‍රකාශ කළේය.

නීතීඥ නිමල් පුංචිහේවා මහතා මෙසේද සඳහන් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැත්තෑ පහේදී ඡන්ද නොතියා ආණ්ඩුවේ කාලය පනතක් මගින් අවුරුදු දෙකක් දික් කරගත්තා. ජේ ආර් ජයවර්ධන මහත්තයා අතුරු මැතිවරණයෙන් ඉහළින්ම දිනූවා. පස්සේ හැත්තෑ හතේදි අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ අසූ දෙකේදී ජනමත විචාරණයක් ගෙනැල්ල ඡන්දය කල් දැම්මා. ඔහු ඊට පස්සේ මැතිවරණයේදී පරාද වුණා. ඡන්දයට බය අයට ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනවා. ඉතිහාස සාධක එය ඔප්පු කර තිබෙනවා. මේ පාරත් එවන්නක් සිද්ධ වෙන්න පුළුවන්.මගේ අදහස ඒකයි.

සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දාන්න පුළුවන්. නමුත් තවත් අයට එහෙම තත්වයක් නැහැ කියලා අධිකරණයට යන්නත් පුළුවන්.

කොහොම නමුත් අධිකරණයේ තීරණය මත තමයි සියල්ල තීරණය වෙන්නෙ.

 



අදහස් (7)

මැතිවරණ කල් දාන පාලකයන්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයි

Perera Wednesday, 25 January 2023 06:32 AM

මැතිවරණ කල් දැම්මත් නැතත් ජනතාව ලොක්කව කුණු කූඩෙට දාලා බොහා් කල් වෙනවා.

:       4       24

LGPJ Wednesday, 25 January 2023 06:56 AM

Oh yes. Composed bin. !!!!!!

:       1       12

Sunil Wednesday, 25 January 2023 08:11 AM

දැන් සිටින පාලකයන්වනම් ජනතාව කුණු කූඩෙට දාලා බොහෝ කල්. නමුත් මෙයාට පෙර සිටි, ඒ වගේම කුණු ගොඩක් වූ ජනාධිපති, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙයාව කුණු කූඩෙන් එළියට ගත්තා. එයා දැන් රටම වනසනව.

:       3       18

කෝරළගේ Wednesday, 25 January 2023 09:36 AM

අද ජනතාව එදා වේල කන්න විඳින දුක් ගැහැට අනුව එජාප, පොහොට්ටු ,ශ්‍රීලනිප ඔක්කොම නැතුව යනවා. ඉතිරි වෙන්නෙ සජබ හා ජාජබ පමණයි කියලා කියන්න පුළුවන්.මෙයිනුත් මෙතෙක් රට කාපු විනාශයට පත්කල එවුන්ට දඩුවම් දීම ප්‍රතිපත්තියක් කරගන්නා අයට තමයි ලංකාවෙ පාලනය හිමිකම් ලැබෙන්නෙ.

:       2       14

fairoos Wednesday, 25 January 2023 02:10 PM

JVP එකට ජයවේවා

:       0       1

BamunuarachchiWednesday, 25 January 2023 05:50 PM

ජෙප්පෝ ආගම එපා කිව්වාම මොවුන් බලාගෙන ඇති පන්සල්වල මල් ආසනේ තියාගෙන හරක් කපන්න. යන්න ආපු රටකට...

:       0       0

Bamunuarachchi Wednesday, 25 January 2023 05:47 PM

මැතිවරණ කල් දාන පාලකයින්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයිලු. ඒක වෙනම කතාවක්. නමුත් ඡන්දෙ තියන්න රටේ සල්ලි නැතිනම් අපට බෙහෙත්, ඉන්ධන ගෙන්වන්න තිබෙන සල්ලි ඡන්ද තියන්න වියදම් කරන්නද? අනික් කාරණාව දැන් අනිකුත් පක්ෂවලට උවමනා කර තිබෙන්නේ රට යහමගට එන්න කලින් තමන්ගේ බලය පෙන්වන්න. බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේ රටේ මුදල් සම්බන්ධව හොඳ විග්‍රහයක් කරනවා. එය ඇසුවාම රට ගැන බලාපොරොත්තු ඇති වෙනවා. එය ඒ කතාව කියන්නේ විරුද්ධ පක්ෂයේ හර්ෂද සිල්වා හකීම් වැනි මන්ත්‍රීලා ඉදිරිපිට... 2021 බිලියන 380 සල්ලි අච්චු ගහපු රටේ 2022 අච්චු ගහල තිබෙන්නේ බිලියන 40යයි. රට හොඳ අතට යනවා. ඒ යනතුරු ඡන්ද තියන්න දෙන්න එපා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site