
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් )
පළාත් පාලන මැතිවරණයේදී සිදුවන මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය
මෙම ඊසී - ඊඩීආර් ජංගම දුරකථන යෙදවුම මගින් අදාළ ස්ථානයේ සිට වීඩියෝ ගත කිරීම, ඡායාරූප ගැනීම සහ අදාළ ස්ථානය දැනුම් දීමට හැකියාව ඇති බවත් අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණිල්ල සිදුකළ පුද්ගලයාට ප්‍රතිචාර දැක්වීමටත් මෙම මෘදුකාංගය මගින් හැකියාව ඇති බවද සභාපතිවරයා පැවසීය
මෙම මෘදුකාංගයට ලැබෙන පැමිණිලි අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ලබාදීමටද කටයුතු සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd