
(කාංචනකුමාර ආරියදාස)
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනකු ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසයි.
ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අළුවිහාරේ යන තිදෙනා සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවලට තේරි පත් වූ සභිගයන් නම් කිරීමේදී ප්‍රදේශයේ දේශපාලන අධිකාරයට අහිමි කර එය පක්ෂ මූලස්ථානය විසින් සිදු කිරීමට යාම මෙම ගැටළුවට මුල්වී ඇති බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බව ද රජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සජබෙ හෝදාපාලුව ඇරඹුණා, දැන් තමයි සජබෙ නියම ස්වරූපය හෙළිවෙන්නේ. බලය ලබාගන්න නොගැලපෙන දීග යන්න හැදුවාට ඒවාට එරෙහිවන අයත් ඉන්න බව දැනගත යුතුයි. ඊයේ අර මන්ත්‍රී තුෂාර අස්වුණා. සභාවල බලය ඇල්ලීම හීනයක් වගේම ඇල්ලුවත් ඒවා රැකගැනීම දුෂ්කරයි. ඒක නිසා ගමේ ජනතාවට ඔය කුණු ජරාජීර්ණ ප්‍රතිපත්ති පටවලා ඒ අයගේ සංවර්ධනයට අකුල් හෙලන්න එපා.
සජිත් ඇවිල්ලා ජපන් භාෂාව දාලා ඕක නවත්තනවා. නවත්තලා සජබ කොහොමහරි හැමදාම විපක්ෂයේ තියාගන්නවා.
සමගිය බලය වේ!
චම්පික විජේරත්න කියන්නේ හොඳ සුන්දර මනුස්සයෙක්...
ගිලෙන නැවෙන් මීයො පනිති...!
අලුවිහාරේලා විතරද ඉන්නේ මාතලේ හදන්න? හොයලා බලන්න ෂුවර් එකටම ඉල්ලන දේවල් ලැබෙන්න නැතුව ඇති. එයාලා හෙට ඉඳලා යූඑන්පී...
කවිරත්න කෙල්ල මොනවාද කියන්නේ කියලා බලමු...
ඊළඟට ජනාධිපති වෙන්න ඉන්නේ සජිත් ලු නේද..?
දැන් ඉතින් අසු වුණු අයගේ වැරැදි එක දිගට වමාරනු ඇත.
මේ තුන්දෙනාගෙන් අලුවිහාරේ දෙන්නාම වැඩක් නෑ. ඒ දෙන්නාටම පහුගිය කිසිම ඡන්දෙකින් දිනන්න බැරි වුණා.. පක්ශයට දෙයක් කරන්නත් බැරි වුණා. මේ දෙන්නාම අවුට් ඩේටඩ්. අලුත් දෙන්නෙකුට අවස්ථාව දුන්නොත් එයාලාත් දිනලා... පක්ෂයත් දිනවයි.
මොවුන් යන එක ගොඩාක් හොඳයි. අලුවිහාරේලා ඉන්නේ 1977 සිට. මාතලේට කරපු දෙයක් නෑ. මෙයා හොඳ අයට එන්න දෙන්නේ නෑ. මේ අය ඉගෙන ගෙනත් මේ අය හිතන්නේ මේ අය නැතුව කරන්න බැහැ කියලා. එලවලා දාන්න ඕනෑ..
අලුවිහාරේලා ගැන කියලා වැඩක් නැහැ. දේශපාලනෙන් බඩ වඩා ගත්තු අය. ළාමක ටින් ටින් එක්ක ගිහින් වැඩක් නැහැ කියලා තේරීලා වගේ...!
ඔය උද්දච්ච සජියා පස්සේ යන්නේ අමු මෝඩයෝ... මෝඩකම නොතිබුණා නම් අද ඕක අගමැති...