(එම්.ඩබ්.සෝමරත්න සහ රවීන්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මාධ්‍යවේදීන් සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබීමට තැත්කිරිම සහ මාධ්‍ය මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය කළු පටි බැඳ මාතලේ නගරයේ දී අද (10) විරෝධතාවයක නිරතවූහ.
මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයින් හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා මහ නගර සභා නියෝජ්‍ය නගරාධිපති එස්.ප්‍රකාශ් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කොට්ටේගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට පැමිණි මාතලේ මහ නගර සභාවේ ආදායම් පරික්ෂක නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් අතර ඇති වු වචන හුවමාරුවේදී එම ස්ථානය දැඩි උණුසුම්කාරි තත්වයක් ඇතිවිය.
සමස්ත ලංකා මාධ්‍යවේදීන්ගේ එකමුතු සංවිධානයේ ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස මහතා සහ මාතලේ මාධ්‍යවේදී සංගමය මෙම විරෝධතාව මෙහෙය විය.
පසුව මාධ්‍යවේදීන් කළුපටි බැදගෙන මාතලේ ඔරලෝසු කණුව අසල සිට පාගමනින් මාතලේ මහ නගර සභාව වෙත ගමන් කර නාගරික කොමසාරිස් අනුරි තිලකරත්න මහත්මිය හමුවී මාතලේ මාධ්‍යවේදී කාර්යාලයට සීල් තැබීමට ගෙන ඇති තීරණය පිළිබද විමසීමක් ද සිදු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදීන්ට තම මත ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා නොගත යුතුයි. ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමේ අයිතිය මහඡනතාව සතු ප්රජාතන්ත්රවාදී අයිතියකි. රට ගැන අතිශයින්ම කලකීරීමට පත්වෙමි. අහිංසක අපේ මිනිසුන්ට ආරක්ෂා වීමට අඩුතරමේ වත් ඇත්ත ඇතිසැටියෙන් දැන ගැනිමට මාර්ගයක් තිබිය යුතුය. මා පිටරටක සිටින නිසා අපේ රටේ තොරතුරු දැනගන්නේ පහත දැක්වෙන ලින්ක් එක භාවිතා කොටයි. සමහරවිට ලංකාවේදීත් එමගින් ප්රවෘත්ති බලාගත හැක. මේ අවස්තාවේදි අප ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුමය.
මාධ්‍යවේදීන්ට තම මත ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා නොගත යුතුයි. ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමේ අයිතිය මහඡනතාව සතු ප්රජාතන්ත්රවාදී අයිතියකි. රට ගැන අතිශයින්ම කලකීරීමට පත්වෙමි. අහිංසක අපේ මිනිසුන්ට ආරක්ෂා වීමට අඩුතරමේ වත් ඇත්ත ඇතිසැටියෙන් දැන ගැනීමට මාර්ගයක් තිබිය යුතුය.
මාතලේ මාධ්‍යවේදී සංගමයට මෙවැනි කාර්යාලයක් නොමැත. එක් පෞද්ගලික තැනක්... 2007 වසරේ සිට මෙම බදු ගිවිසුම යාවත්කාලීන කිරිමට පියවර ගෙන නැත. ඒ නිසා නගර සභාවෙන් ලබා දී ඇත්තේ පෞද්ගලික අයෙකුට වන අතර සංගමයකට ලබා දී නොමැති බවත් (හිඟමුදල් ගෙවිමට නගර සභාව මගින් ලිපි නිකුත් කළායින් පසුව සංගමයක් 2019 ආරම්භ කරන ලද) එයට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. නගරාධිපතිගේ ප්‍රකාශයක් පළ කරන්න ඇත්ත දැනගන්න පුළුවන්....
සීල් තියන්න ගිය හේතුව කියල නෑනේ ඉතිං මේකේ... එතකොට කොහොමද ඒක සාධාරණද? අසාධාරණද? කියලා අපි තීරණය කරන්නේ..?