(ඩයනා උදයංගනී)
මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩනොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
පරිසරයට හානි කරමින් සිදුකරන ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති නොව විනාශකාරී ව්‍යාපෘති බව කී කාදිනල්තුමෝ මුතුරාජාවෙලට අත නොතබන්නැයි තමන් යළිත් රජයට දැනුම්දෙන බව ද සඳහන් කළහ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව දෙස බැලීමේදී එහි මූලික නීතිමය දුර්වලතා රැසක් ද ඇතැයි කී අගරදගුරුතුමෝ තමන් ඊට විරෝධය පා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යොමු කළ බව ද පැවසූහ.
කොළඹ වරාය නගරය, බහුකාර්ය ප්‍රවාහන මධ්‍යසස්ථානය, සමුද්‍ර නගර ව්‍යාපෘතිය ආදිය වෙනුවෙන් විදුලිය ලබාගැනීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන බව ද කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ බොරැල්ල, අගරදගුරු නිල නිවසේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100ක් මුහුදු වැලිවලින් ගොඩ කර සිදුකරන්නට යන මෙම විනාශය තුළින් සාගර පරිසර කලාපයට මෙන්ම මුතුරාජවෙල අවට ප්‍රදේශයට ද දැඩි ගංවතුර තර්ජන ද ඇතිවනු ඇතැයි කී කාදිනල්තුමෝ අවට ජනතාවට ඉදිරියේදී නිවෙස්වල බෝට්ටුවක් තබාගැනීමට සිදුවනු ඇතැයි ද කීහ.
මේ සම්බන්ධයෙන් සකස් කර ඇති පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධව් මහජන අදහස් දැක්වීම සඳහා දින 30ක් ලබාදී ඇත්තේ රට තුළ සංචරණ සීමා පැවති කාලයේදී බව කී කාදිනල්තුමෝ මෙය හොර රහසේම සම්මත කරගැනීමේ කූඨ උත්සාහයක් පැවති බව පෙනෙන්නේ යැයි ද ප්‍රකාශ කළහ.
මුතුරාජවෙල පරිසර කලාපය විනාශ කිරීම ආරම්භ වූයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ අක්කර 400ක් ගොඩකිරීමෙන් බව කී කාදිනල්තුමෝ ඉන්පසු පැමිණි විවිධ රජයන් එහි ගොඩකිරීම් සිදුකරමින් හානි කළ බවත්, මේ වන විට කැලිකසල බැහැර කිරීම ආදී විනාශයන් රැසක් එහි සිදුවන බවත් පෙන්වා දුන්හ.
(ඡායාරූප ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වෙන තැන් නැතිවද? ආවොත් ගහලා එලවනවා.. සැලසුමක් නැති හයිවේ කෙහෙල්මලක් හින්දා පැත්තම වතුරෙන් යටවෙනවා... දැන් තව නාඩගමක්...!!!
මහානායකයින්ට, මේ රටේ තත්වය සහ මිනිස්සුන්ගේ තත්වය පේන්නේ නැහැ. ඔය දෙනදෙයක් අරගෙන අන්ධයින් වගේ ඉන්නවා. අපේ කාදිනල්තුමාට චිරජීවනය සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!! තව කාලාන්තරයක් මේ රටේ ජීවත් වේවා..!!!
ඔබ වහන්සේට කැක්කුමක් තියෙනවා. ඒකට අපේ අය දැක්කා නොදැක්කා සේ ඉන්නවා. රටට කිසිම වැඩක් නැහැ හිටියා කියලා.
ප්‍රදීප් මහත්තයෝ, අපේ මහනායක හාමුදුරුවරුන්ට ඕවාගැන හිතන්න වේලාවක් නැහැ. උන්වහන්සේලා අටපිරිකර පූජා කරන්න අපේ දේශපාලකයෝ පෝලිමේ එනවා. දැන් උන්වහන්සේලාගේ පූර්ණ කාලීන සේවය අටපිරිකර පිළිගෙන දේශපාලකයන්ට පිරිත් නූල් ගැටගහලා ආශීර්වාද කිරීම.. වැසිකිළි, කැසිකිළි කටයුතුවලටවත් විවේකයක් නැහැ.
අපේ මහනායක හිමිවරු ගාවට අටපිරිකර ටික උස්සන් ගිහින් මොනවා හරි බටර් පාරක් දාපු ගමන් ඔක්කොම ෂේප්...
කැලණියේ අඩි 20 ක අගලක් හාරනවා දිය සීරාව බස්සවන්න. ඒවාට අහුවෙන ගෙවල්, ඉඩම් වල ගහකොළ හිතේ හැටියට කපලා විනාශ කරලා. මේවා එළියට පේන්නේ නැතිනිසා මිනිස්සු දන්නේ නැහැ. ඕන තුප්පහි කමක්, කුපාඩි කමක් සංවර්ධන ලේබලෙන් වහලා කුට්ටියක් කඩාගන්න විතරයි මේ පාලකයෝ බලාගෙන ඉන්නේ. 69 ලක්ෂයට ජයවේවා..!!!