
(තිලකරත්න දිසානායක)
ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විසදුමක් ලබා දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගතයුතු බවට අද පැවති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කෙරිණි.
කමිටු සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ අතර මෙහිදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා යන මහත්වරුන් සදහන් කර සිටියේ ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ජනතාවගේ විරෝධතාය නොසලකා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් විශාල ප්‍රශ්ණයක් සිදුවිය හැකි බවත් එසේ වුවහොත් ජනතාව සමග තමන්ටද එක්වීමට සිදුවන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවත් එක්ක එක් වෙන්න නෙමෙයි .ගහලා මරයි කියලා බයටයි මූ මෙහෙම කියන්නේ
මෙම වගුරු බිමේ කොටසක් පමණයි ගොඩ කරන්නේ .කොටසක වැවක් ලෙස සහ ස්වභාවික තුරුලතා වලින් පිරුණු වනගත ප්‍රදේශයක් සකස් වෙනවලු .හොඳ ප්‍රවෘර්තියක් ඔක්සිජන් පවා අනවශ්‍ය මිනිසුන් ඉන්න ප්‍රදේශයකට මෙය හිසරදයක්ලු
මුතුරාජ වෙල ගොඩකරන්න තරම් රටේ මුදල්තියෙනවද. අනිවාර්‍යෙන් මේක චිනාට විකුනලා ඇති මේ නඩේට මොලයක් හරි තුන හරි තියෙනවානම්මෙවනි මෝඩදේවල් කරයිද. ගොඩ කරන එක නෙමේ ප්‍ර්ශ්නේ ඒකෙන් ලැබෙන විපාක පොඩි වැස්සටත් ගම් කීයක් යට වෙයිද. මුන්ට මොකද. බොක්ක පිරිලා. මුලු හැතිකරේම ගොඩ යනවානේ මුලු නඩේම පනපිටින් වැලලෙයි. ජාඇල සිට මීගමුව වෙන්නප්පුව ඒපැත්වල ඉන්නෙ කොන්ද කෙලින් තියෙන මිනිස්සු. වෙල ගොඩවෙයිද. ඕවා කරන කට්ටිය. වේලේ යට වෙයිදදන්නෙ නැහැ