(යොහාන් භාසුර සහ විමල් කීර්ති)
අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගියේය.
එම කණ්ඩායමට මුතුරාජා හස්තියාට දෙහිවල සත්වෝද්‍යානයේදී ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුළත්මුදලි මහතා ඇතුළත් වූහ.
තායිලන්ත රජයෙන් කළ ආරාධනාවකට අනුව එම කණ්ඩායම පිටත් කළ හැරිය බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතාට ප්‍රතිකාර කරන්න ලංකාවේ අයට බෑ කියලා... ඇතා වෙනුවෙන් කවි, ගී, ගායනා කරපු, එන්ජීඕ නඩය කෝ...?
මොකටද ඔච්චර ගාණක් වියදම් කරලා අරන් ගියේ...?
මුතු රාජාව සනීප කර ගැනීමට කැප වන ඔබලා හැමෝටම තෙරුවන් සරණයි
අර කේලම් කියලා මඩිය තර කරගත්තු නෝනට ආරාධනා කර නැතෙයි.
අපේ උන්ටත් ලැජ්ජ නෑනේ
මෙතන ලැජ්ජ වෙන්න ඕන ඇතාට අර කෲර විදියට සලකපු සිවුරු කාරයො මිසක් ප්‍රතිකාර කල අය නොවෙයි. අපේ අයට කල ආරාධනාවට අපි කෘතඤ විය යුතුයි.
වියදම තායිලන්ත රජයෙන් වෙන්න ඕන